Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 21:28 - සිංහල කාලීන පරිවර්තනය

28 මේවා සිදුවන්නට පටන් ගත් කල, නැගිට, ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළං ළං වී එතැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 21:28
11 හුවමාරු යොමු  

මැවිල්ල පමණක් නො වේ; ආත්මයාණන්ගේ ප්‍රථම පල ලැබූ අපත්, අපගේ ශාරීරික මිදීම වන පුත්‍රකමට පිළිගැනීම පුල පුලා බලා හිඳිමින්, ඇතුළු හදින් කෙඳිරි ගාන්නෙමු.


දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට දුක් නො දෙන්න. ඔබගේ මිදීම සම්පූර්ණ වන දවස දක්වා ඔබ මුද්‍රා තබා ඇත්තේ උන්වහන්සේගෙනි.


මන්ද දෙවියන්වහන්සේගේ පුත්‍රයින් එළිදරවු කිරීම දෙස, සමස්ත මැවිල්ලම අපේක්ෂා සහගතව ආශාවෙන් බලා සිටී.


රෑ දහවල් උන්වහන්සේගෙන් අයදින, උන්වහන්සේම තෝරා ගත්තවුන්ට දෙවියන්වහන්සේ යුක්තිය ඉටු කරන්නේ නැති ද? උන්වහන්සේ ඔවුන්ගේ අයැදුම් පමා කරන සේක් ද?


ඒ ශුද්ධාත්මයාණන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමයේ ප්‍රශංසාව සඳහා, උන්වහන්සේ සන්තකවූවන් වන අපට අපගේ මිදීමේ උරුමය සහතික කරන ඇපකරය වේ.


අවුරුදු දහඅටක් ආබාධිත ආත්මයක බලපෑමට හසු වූ ස්ත්‍රියක් ද එහි වූවා ය. කුදු ගැසුණු ඇයට කිසි සේත් කෙළින් විය නො හැකි විය.


ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “බලන්න, අත්තික්කා ගස දිහා; අනෙක් සියලු ගස් දිහාත්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්