Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:47 - සිංහල කාලීන පරිවර්තනය

47 ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 වැන්දඹුවන්ගේ ගේදොර කාදමමින්, පෙනුමට දිගින් දිගට යාච්ඤා පුද කරන, විනයධරයන්ගෙන් පරෙස්සම්වන්න. ඔව්හු වඩාත් බරපතල දඬුවමකට පත් කරනු ලබන්නෝ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 වැන්දඹුවන්ගේ ගේදොර කාදමමින්, පෙනුමට දිගින් දිගට යාච්ඤා පුද කරන, විනයධරයන්ගෙන් පරෙස්සම්වන්න. ඔව්හු වඩාත් බරපතල දඬුවමකට පත් කරනු ලබන්නෝ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකමින්, වංචා පිණිස දීර්ඝ යාච්ඤාකරන්නාවූ ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු වඩා බරපතළ දඬුවමට පත්කරනු ලබන්නෝයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:47
23 හුවමාරු යොමු  

ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.


මා සහෝදරයිනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් නො විය යුතු ය. මන්ද ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අප වඩා දැඩි ලෙස විනිශ්චය කරනු ලබනු ඇත.


තමන් දෙවියන්වහන්සේ දනිතැයි ඔවුහු කියා ගනිති. එහෙත් තම ක්‍රියාවලින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරති. ඔවුන් පිළිකුලක් ය; අකීකරු ය; කිසි යහපත් ක්‍රියාවකට නුසුදුසු ය.


මේ අතරතුර එකිනෙකා පෑගෙන තරමට දහස් ගණනින් ජන සමූහයා එක්රැස් වූ කල, පළමුවෙන් තම ගෝලයින් ඇමතූ යේසුස්වහන්සේ, “පරිසිවරුන්ගේ කුහකකම නැමති මුහුන්වලින් පරෙස්සම් වන්න.


“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණටම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත.


අප කිසි විටෙක චාටු බස් නො දෙඩූ වග ඔබ දන්නහු ය. තණ්හාව වසාගැනීමේ උපායක් ද අප නො කළ බවට අපේ සාක්ෂිය දෙවියන්වහන්සේම ය.


දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! වැන්දඹුවන්ගේ ගෙවල් කා දමන නුඹලා, දීර්ඝ ව්‍යාජ යාච්ඤා පවසති. එබැවින් නුඹලාට ලැබෙන දඬුවම වඩාත් බරපතළ ය.


“දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය.


යේසුස්වහන්සේ ඇස් ඔසවා බැලූ කල, ධනවතුන් පඬුරු පෙට්ටියට පඬුරු දමන අයුරු දුටු සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්