Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:44 - සිංහල කාලීන පරිවර්තනය

44 මෙසේ, දාවිත් ම උන්වහන්සේට ස්වාමින්වහන්සේ ය කියයි නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 මෙ‍සේ දාවිත් ම උන් වහන්සේට ‘සමිඳාණන්’ යයි කියයි නම් උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 මෙ‍සේ දාවිත් ම උන් වහන්සේට ‘සමිඳාණන්’ යයි කියයි නම් උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 මෙසේ දාවිත් උන්වහන්සේට: ස්වාමීන්වහන්සේයයි කියයි, ඉඳින් උන්වහන්සේ ඔහුගේ පුත්‍ර වන්නේ කෙසේදැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:44
10 හුවමාරු යොමු  

“යේසුස් වන මම සභා උදෙසා, ඔබට සාක්ෂි දරන්නට මාගේ දූතයා එවීමි. මම දාවිත්ගේ අංකුරයාණන් හා එයින් පැවත එන්නා ය. බැබළෙන පහන් තාරකාව ය.”


අප ප්‍රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන්ම අති උතුම් ය: උන්වහන්සේ මාංසයෙන් ප්‍රකාශ වූ සේක. නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක. දේව දූතයින් විසින් දක්නා ලද සේක. ජාතීන් අතරේ ප්‍රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක. තේජසට ඔසවනු ලැබූ සේක.


එහෙත් කල් පිරුණු කල, දහම් නීතිය යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ,


මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලටම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.


මන්ද අද දවසේ දාවිත් පුරයේ ඔබට ගැලවුම්කරුවෙක්, ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ උපන් සේක.


එනම්, “මෙන්න, කන්‍යාව ගැබ් ගෙන පුතකු බිහි කරන්නී ය; ඔවුන් එම්මානුවෙල් නමින් උන්වහන්සේ අමතනු ඇත” යන්නයි. (එහි අරුත “දෙවියන්වහන්සේ අප සමඟ ය” යනුයි.)


මුළු ජනකාය අසා සිටියදී, උන්වහන්සේ තම ගෝලයින් අමතමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්