Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 2:2 - සිංහල කාලීන පරිවර්තනය

2 කුරේනියස්, සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී පැවැත්වූ පළමු සංගණනය මෙයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මේ වනාහි කිරේනියස් සිරියාගේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 2:2
9 හුවමාරු යොමු  

තිබේරියස් සීසර්ගේ පාලනයේ පහළොස් වන වසරේ, පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාව, හෙරෝද් ගලීලයේ ප්‍රාන්ත රජුව, ඔහුගේ සහෝදර පිලිප් ඉතුරය හා ත්‍රකෝනිතියේ ප්‍රාන්ත රජුව, ලුසානියස් අබිලේනියේ ප්‍රාන්ත රජුව සිටි සමයේ


එවිට රජු නැගිට්ටේ ය; ආණ්ඩුකාරයා ද බෙර්නිකී ද ඔවුන් සමඟ අසුන් ගෙන සිටි අය ද නැගිටුණෝ ය.


ක්ලෝදියස් ලිසියස්ගෙන්, අතිගරු පීලික්ස් ආණ්ඩුකාර තුමන් වෙත, සෙත් වේවා!


එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,


ඔහු පළාත් ආණ්ඩුකාර සර්ගියස් පවුලස් සමඟ වූ කෙනෙකි. බුද්ධිමතකු වූ එම පළාත් ආණ්ඩුකරු දෙවියන්වහන්සේගේ වචනය ඇසීමේ රිසියෙන් බාර්ණබස් හා සාවුල් තමන් වෙත කැඳවී ය.


ඉන්පසු සංගණන දවස්වල ගලීලයකු වූ යූදස් කලඑළි බැස පිරිසකට තමන් පසුපස ඒමට සැලැස්සුවා. ඔහුත් මරා දමනු ලැබ, ඔහුගේ සහචරයෝ ද විසිරවනු ලැබුවා.


උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


එසමයේ මුළු ලොව පුරා සංගණනයක් ගැනීමට ඔගස්ටස් සීසර්ගෙන් නියෝගයක් නිකුත් විය.


සියල්ලෝ ලියාපදිංචි වන්නට තම ගම් පළාත් බලා ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්