Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:9 - සිංහල කාලීන පරිවර්තනය

9 එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “මොහුත් ආබ්‍රහම්ගේ දරුවකු නිසා, අද මේ නිවසට ගැලවීම පැමිණියා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ජේසුස් වහන්සේ කතා කරමින්, “ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත; මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ජේසුස් වහන්සේ කතා කරමින්, “ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත; මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:9
15 හුවමාරු යොමු  

එබැවින් ආබ්‍රහම්ගේ පුත්‍රයින් වන්නේ ඇදහිල්ලෙන් වූ අය වග වටහා ගන්න.


එසේ නම් ආබ්‍රහම්ගේ දියණියක වන මැය, සාතන් විසින් දහඅට වසරක් බැඳ තබන ලද ඒ බන්ධනයෙන් සබත් දවසක මුදා හැරීම යුතු නැද්දැ?” යි පැවසූ සේක.


පොරොන්දුව ඇදහිල්ල මත රඳා පවත්නේ එබැවිනි; එසේ වන්නේ, එය අනුග්‍රහයෙන් පිහිටන පිණිසත්, ඔහුගේ මුළු පෙළපතට එය ඇපයක් වන පිණිසත් ය. ඒ පෙළපත දහම් නීතියට බැඳුණවුන්ගේ පමණක් නො වේ; ආබ්‍රහම්ගේ ඇදහිල්ලට පංගුකාර වූ අයගේත් ය; අප හැමගේ පියා ආබ්‍රහම් ය.


වරක් ඔබ ජනතාවක්ව සිටියේ නැත. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේගේ ජනතාව ය. වරක් ඔබ දයාව ලද්දේ නැත. එහෙත් දැන් ඔබ දයාව ලැබ සිටිති.


ඔබ, ක්‍රිස්තුස්වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශය ය. පොරොන්දුවට අනුව උරුමකරුවෝ ය.


ශුද්ධාත්ම පොරොන්දුව ඇදහිල්ල තුළින් අප ලබන පිණිස, ආබ්‍රහම්ට දෙන ලද ආශිර්වාදය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අන්‍ය-ජාතීනට ද අත්වන පිණිස ය.


පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා ය’ කියන්නට පටන් ගන්න එපා. මන්ද මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවනි.


මන්ද මගේ දෑස, ඔබගේ ගැලවීම දැකගත්තේ ය.


සැබවින් ම, දැන් අන්තිමයින් වන ඇතමෙක් ප්‍රථමයින් ද දැන් ප්‍රථමයින් වන ඇතමෙක් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.


එවිට ඔහු, ‘ආබ්‍රහම් පියාණෙනි, අනේ මට අනුකම්පා කරන්න. මගේ දිව තෙමාගන්නට ලාසරස්ගේ ඇඟිලි තුඩ දියේ ගිල්වා, මා වෙත එවන්න. මම මේ ගිනි ජාලාවේ විඳවනවා’ යි කිව්වා.


“ඔහු එවිට, ‘එසේ නො වෙයි, ආබ්‍රහම් පියාණෙනි, යමෙක් මළවුන් වෙතින් ඔවුන් වෙත ගියහොත්, ඔවුන් පසුතැවිලි වෙතැ’ යි පැවසුවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්