Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:28 - සිංහල කාලීන පරිවර්තනය

28 මේ දෑ කී පසු, උන්වහන්සේ යෙරුසලම බලා ඉදිරියට ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 උන් වහන්සේ මෙ‍වදන් දෙසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 උන් වහන්සේ මෙ‍වදන් දෙසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 උන්වහන්සේ මෙසේ කියා යෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව ගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:28
9 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔසවනු ලැබීමේ දවස් ළඟා වෙත්ම, යෙරුසලමට යන පිණිස තම මුහුණ යොමු කර,


එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් වධ විඳි බැවින්, ඔබත් එම ආකල්පයෙන් සන්නද්ධ වන්න. මන්ද මාංසයෙන් වධ විඳි තැනැත්තා පාපයෙන් නිදහස්ව සිටී.


අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඇස ගසාගෙන, වීර්යයෙන්ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙලව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක.


යේසුස්වහන්සේ දොළොස් දෙනා පසෙකට කැඳවා, “අප දැන් යන්නේ යෙරුසලමටයි; මනුෂ්‍ය පුත්‍රයාණන් ගැන දිවැසිවරුන් විසින් ලියන ලද හැම දෙයක්ම සම්පූර්ණ විය යුතුයි.


එහෙත් එක්තරා බව්තීස්මයකින් මට බව්තීස්ම ලබන්නට තිබේ. එය ඉටු වන තුරු මට ඇත්තේ කොතරම් සංවේගයක් ද!


යේසුස්වහන්සේ පේතෘස් අමතා, “ඔය කඩුව කොපුවේ දමා ගන්න. පියාණන්වහන්සේ මට දී ඇති කුසලාන මම නො බොම් දැ?” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “එක් මිනිහෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා යමින් සිටියදී, මංකොල්ලකරුවනට හසුවුණා. මංකොල්ලකරුවෝ, ඔහු නිර්වස්ත්‍ර කොට, ඔහුට තළා-පෙළා, නොමරා මරා, හැර ගියා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්