Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 18:28 - සිංහල කාලීන පරිවර්තනය

28 එවිට පේතෘස් කතා කොට, “අප ඔබ අනුව ආවේ, අපට තිබූ සියල්ල අත්හැර දමලා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එවිට පේදුරු කතා කොට, “අපි නම් අප සතු සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එවිට පේදුරු කතා කොට, “අපි නම් අප සතු සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 එවිට පේතෘස් කථාකොට: අපි වනාහි අප සන්තක දේ අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 18:28
7 හුවමාරු යොමු  

එහෙත් මට වාසිදායක වූ ඒ දෑ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දැන් අවාසි ලෙසින් සලකමි.


පේතෘස් උන්වහන්සේට කතා කොට, “බලන්න; අප හැම දෙයක්ම අත්හැර ඔබ අනුගමන කළා” යි කීවේ ය.


එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “බලන්න, අප හැම දෙයක්ම අත්හැර, ඔබ අනුගමන කළා; එහෙයින් මොනවද අපට ලැබෙන්නේ?” යි ඇසී ය.


තමන්ගේ ඔරු ගොඩට ඇද දැමූ ඔවුහු, සියල්ල අත්හැර උන්වහන්සේ අනුව ගියහ.


යේසුස්වහන්සේ එතැන් සිට ගමන් ගනිද්දී, මතෙව් නම් වූ මිනිසෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.


එම ගෝලයා දෙසට හැරී, “මෙන්න ඔබේ මෑණියන්” යි කී සේක. ඒ පැයේ පටන් එම ගෝලයා තම නිවසට ඇය පිළිගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්