Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 17:6 - සිංහල කාලීන පරිවර්තනය

6 ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “අබ ඇටයක් තරම ඇබින්දක ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කතා කොට, ‘මුලින් ඉදිරී ගොස්, මුහුදේ පැළවෙනු’ යි කියන්නට ඔබට පුළුවන. එවිට එය ඔබට අවනත වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සමිඳාණන් වහන්සේ කතා කොට, “අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සමිඳාණන් වහන්සේ කතා කොට, “අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 17:6
13 හුවමාරු යොමු  

උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත්ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදුවන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත.


යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබට ඇදහිල්ල ඇත්නම්, සැක නො කරන්නේ නම්, ඔබට කළ හැකි වන්නේ, මේ අත්තික්කා ගහට කළ දේ පමණක් නො වේ. මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ යි කීව ද එය සිදුවනු ඇත.


“ඔබට හැකි නම්!” කී යේසුස්වහන්සේ, “විශ්වාස කරන්නාට සියල්ල හැකි යැ” යි පැවසූ සේක.


මිනිසකු විසින් තම ගෙවත්තේ දමන ලද අබ ඇටයකට එය සමාන ය. එය පැළවී, වැඩී, ගසක් බවට පත් වුණි. අහස් කුරුල්ලෝ එහි අතුවල කැදලි තනා ගත්හ” යි පැවසූ සේක.


මට දිවැස් වැකි කීමේ දීමනාව ද සියලු අබිරහස් ගැන වැටහීම හා සකල දැනගැන්ම ද ඇතත්, කඳු එහා මෙහා කරන සම්පූර්ණ ඇදහිල්ල ඇතත්, ප්‍රේමය නැතිනම් මම හිස් පුද්ගලයෙක්මි.


එබැවින් ඔහු ඉදිරියට දුව ගොස්, උන්වහන්සේ දැක ගන්නට අත්තික්කා ගහකට නැග ගත්තේ ය. මන්ද උන්වහන්සේ යමින් සිටියේ ඒ මාර්ගයේ ය.


එය අබ ඇටයකට සමාන ය. පොළොවේ වැපුරූ කල, ලොව බීජ අතර කුඩාම බීජය එයයි.


ස්වාමින්වහන්සේ ඇය දුටු කල, ඇයට අනුකම්පා කර, “හඬන්න එපා” යි පැවසූ සේක.


ස්වාමින්වහන්සේ වෙත ඔවුන් යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?” යි අසා යැවී ය.


“ඔබගෙන් යමකුට සී සානා හෝ බැටළුවන් බලාගන්නා දාසයකු වේ නම්, ඔහු ගොවිපළේ වැඩ කර ආ විටෙක, ‘වහා ඇවිත් මේසයට හිඳ ගන්නැ’ යි කියනවා ද?


උන්වහන්සේ, “එන්නැ” යි කී සේක. එවිට පේතෘස් ඔරුවෙන් පිටතට අවුත්, යේසුස්වහන්සේ වෙත දිය මත ඇවිද ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්