Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 17:24 - සිංහල කාලීන පරිවර්තනය

24 මන්ද විදුලිය, එක් කොණක සිට අනෙක දක්වා අහස බබළවා, එළිය කරන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන් ද උන්වහන්සේගේ දවසේදී එසේම වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙ‍න්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙ‍න්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 මක්නිසාද ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිසාව දක්වා බැබළෙන්නාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයා තමන් දවසේදී වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 17:24
16 හුවමාරු යොමු  

මන්ද පෙරදිගින් නැගෙන විදුලිය, බටහිර දක්වා ඈතට දිදුලන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එසේම වන්නේ ය.


“එකල මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ අහසේ දක්නට ලැබෙනු ඇත. එවිට පොළොවෙහි සියලු ගෝත්‍ර හඬා වැලපෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුතුව අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔවුන් දකිනු ඇත.


එහෙත් ස්වාමින්වහන්සේගේ දවස සොරෙකු මෙන් පැමිණෙනු ඇත. එකල අහස ගර්ජනාත්මකව පහ වී යනු ඇත. ආකාශ වස්තු ද ගින්නෙන් දැවී විනාශ කෙරේ. පොළොව ද එහි ඇති සියල්ල ද දැවී යනු ඇත.


ඔබත් එසේ ඉවසීමෙන් සිටින්න. ඔබගේ සිත් ස්ථිර කරගන්න. මන්ද ස්වාමින්වහන්සේගේ පැමිණීම අත ළඟ ය.


ස්වාමින්වහන්සේගේ දවස දැනටම පැමිණ ඇතැයි දන්වමින්, යම් දිවැසි වැකියකින්, යම් පණිවුඩයකින් හෝ අප වෙතින් ආවේ යැයි කියන යම් ලිපියකින් හෝ වහා සසල නො වන ලෙසත්, තැති නො ගන්නා ලෙසත් ය.


මන්ද ස්වාමින්වහන්සේගේ දවස රැයෙහි එන සොරෙකු මෙන් අනපේක්ෂිතව පැමිණෙන බැව් ඔබ හොඳ හැටි දන්නා නිසා ය.


නොපනත්කමේ මිනිසා එළිදරවු කරනු ලබන්නේ ඉන්පසුව ය; යේසුස් ස්වාමින්වහන්සේ සිය මුවෙහි හුස්මෙන් ඔහු නසා හෙළා, ස්වකීය ආගමනයේ තේජසින් ඔහු වනසනු ඇත.


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබම කීවෙහි ය. එහෙත් මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්වහන්සේගේ දකුණු පස අසුන් ගෙන සිටිනු ද අහසේ වලාකුළු මතින් පැමිණෙනු ද මෙතැන් පටන් ඔබ දකිනු ඇත කියා යැ” යි පැවසූ සේක.


“මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසින් යුතුව, සියලු දේව දූතයින් ද සමඟ එන කල, උන්වහන්සේ ස්වකීය තේජාන්විත සිංහාසනයේ අසුන් ගන්නා සේක.


කිසිවකු පහනක් දල්වා, එය බඳුනකින් වසන්නේ නැත; කරන්නේ පහන් රුකක් මත තැබීම ය; එවිට නිවසේ හැම කෙනකුටම එය එළිය දෙයි.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොරව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වාම ඔබ දරා සිටිනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්