Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 17:14 - සිංහල කාලීන පරිවර්තනය

14 උන්වහන්සේ ඔවුන් දෙස බලා, “ගොස්, පූජකයින් වෙත පෙනී සිටින්නැ” යි ඔවුන්ට පැවසූ සේක. එසේ යන අතරේ ඔවුහු පවිත්‍ර කරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 උන් වහන්සේ ඔවුන් දැක, “ඔබ ගොස් පූජකවරුන් අබිමුවෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 උන් වහන්සේ ඔවුන් දැක, “ඔබ ගොස් පූජකවරුන් අබිමුවෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 17:14
11 හුවමාරු යොමු  

එහෙත් යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දැනට ඉඩ දෙන්න; මන්ද සියලු ධර්මිෂ්ඨකම් මෙලෙස ඉටු කිරීම අපට යෝග්‍යයැ” යි කී සේක. එවිට යොහන් ඊට එකඟ විය.


කිසිවකුට මේ ගැන නො කියන ලෙස ඔහුට අණ කළ යේසුස්වහන්සේ, “එනමුත් පූජකවරයා ඉදිරියේ පෙනී සිට ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔබගේ පවිත්‍ර වීම ගැන මෝසෙස් නියම කළ පඬුරු ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.


එහෙත් ඔහු ඇවිදින්නේ රාත්‍රියේ නම් ඔහු පැකිළෙයි; මන්ද ඔහු තුළ එළියක් නැතැ” යි කී සේක.


එවිට උන්වහන්සේගේ මෑණියෝ සේවකයින් අමතා, “උන්වහන්සේ කියන කවර දෙයක් වුවත් කරන්නැ” යි කීවා ය.


“ගොසින්, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ” යි පැවසූ සේක. (සිලෝවම් යන්න “එවන ලද්දේ ය” යනුයි) එබැවින් ඔහු ගොස්, සෝදා, පෙනීම ඇතුව, ආපසු ආවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්