Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 16:19 - සිංහල කාලීන පරිවර්තනය

19 “අගනා දම් පැහැ සළු හා සිනිඳු හණ පිළි හැඳ, දිනපතා සුඛ විහරණයෙන් කල් ගෙවූ ධනවතෙක් සිටියා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 “අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇන්දාවූ, දවස් පතා සැපජීවිකාවෙන් කාලය ගතකළාවූ එක්තරා ධනවතෙක් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 16:19
23 හුවමාරු යොමු  

“ ‘දම් පැහැ හා තද රත් පැහැ සිහින් හණ පිළියෙන් ද, රනින්, මැණිකෙන් හා මුතුවලින් ද සැරසුණු, මහා පුරවරය, අහෝ, අහෝ!


ඇය තමාම වර්ණනා කර ගනිමින් සුඛ විහරණයෙන් ජීවත් වූ පමණට, එපමණටම ඇයට වධ දෙන්න; ශෝකයට පමුණුවන්න. මන්ද ඇය තම හද තුළ උදාරමින්, ‘මම රැජිනක් සේ හිඳගනිමි; මා වැන්දඹු වන්නේ නැත; කිසි කල ශෝකය දකින්නේ ද නැතැ’ යි කියන්නී ය.


ඒ ස්ත්‍රිය දම් හා තද රතු ඇඳුම් හැඳ, රන්, මැණික්, හා මුතුවලින් සැරසී සිටියා ය. පිළිකුල්කම්වලින් හා ඇගේ ලිංගික අනාචාර අපවිත්‍රතාවෙන් පිරි රන් කුසලානක් ඇගේ අතේ විය.


යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින් මෙසේ පැවසූ සේක: “එක් ධනවතකුට කළමනාකරුවෙක් සිටියා. තම වස්තුව, ඔහු නැති නාස්ති කරතැයි ඔහුට පැමිණිලි ලැබුණා.


ඔවුහු යේසුස්වහන්සේට දම් පැහැති ලෝගුවක් හඳවා, කටු ඔටුන්නක් ගොතා, එය උන්වහන්සේගේ හිස මත තබා,


“නොබෝ දිනකින් බාල පුත්‍රයා, තමන් සතු සියල්ල එකතු කරගෙන, ඈත එපිට රටකට ගොස්, දුසිරිතෙහි ගැලෙමින්, තම ධනය නැති නාස්ති කර ගත්තා.


මෙසේ උන්වහන්සේට සරදම් කළ පසු, දම් පැහැති ලෝගුව ගලවා, උන්වහන්සේගේ ඇඳුම් හැඳවූ ඔවුහු, ඉන්පසු කුරුසිපත් කරන පිණිස, උන්වහන්සේ පිටතට ගෙන ගියහ.


“තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කරගන්නා කවරකු වුව, පරදාර සේවනයේ යෙදෙයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කරගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.


ගත පුරාම වණ-දදවලින් ගහන ලාසරස් නම් දුප්පතකු ඔහුගේ දොරටුව ළඟ තබනු ලැබුවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්