Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 16:1 - සිංහල කාලීන පරිවර්තනය

1 යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින් මෙසේ පැවසූ සේක: “එක් ධනවතකුට කළමනාකරුවෙක් සිටියා. තම වස්තුව, ඔහු නැති නාස්ති කරතැයි ඔහුට පැමිණිලි ලැබුණා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද උන්වහන්සේ ගෝලයන්ට කියන සේක්: එක්තරා ධනවන්තයෙකුට ගබඩාකාරයෙක් සිටියේය; ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්තිකෙරේයයි ඔහුට දන්වනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 16:1
19 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ අනේකාකාර අනුග්‍රහයේ විශ්වාසනීය කළමනාකරුවන් ලෙස එකිනෙකාට ලැබී ඇති දීමනාව කවරක් වුව ද, එය අන්‍යයන්ට සේවය කිරීමට යොදවන්න.


ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “තම ගෘහවාසී සේවකයින්ට නිසි වෙලාවට ආහාර දීමට, ස්වාමියා විසින් පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණැති කළමනාකරු කවුරු ද?


ඉල්ලුවත් ඒවා ඔබට නො ලැබෙන්නේ, ඔබේ තෘෂ්ණාවලට වැය කිරීමට ඔබ වැරදියට ඉල්ලන බැවිනි.


සභා නායකයා, දෙවියන්වහන්සේගේ කළමනාකරුවකු හෙයින් දෝෂ රහිත කෙනකු විය යුතු ය. ඔහු අහංකාර නො වූ, වහා නො කිපෙන්නා වූ, බේබද්දකු නො වූ, කලහකරුවකු නො වූ, වාසියට ගිජු නො වූ කෙනකු විය යුතු අතර,


එහෙත්, වෛශ්‍යාවන් සමඟ ඔබේ ධනය කා දැමූ ඔබේ මේ පුත්‍රයා ආ කල, ඔබ පුෂ්ටිමත්ම වස්සා ඔහු උදෙසා මැරෙව්වා’ යි කීවා.


“නොබෝ දිනකින් බාල පුත්‍රයා, තමන් සතු සියල්ල එකතු කරගෙන, ඈත එපිට රටකට ගොස්, දුසිරිතෙහි ගැලෙමින්, තම ධනය නැති නාස්ති කර ගත්තා.


“තවත් කෙනෙක් පැමිණ, ‘ස්වාමිනි, මෙන්න ඔබේ මස්ස; මා එය රෙදි කඩක ඔතා තැබුවෙමි.


“අගනා දම් පැහැ සළු හා සිනිඳු හණ පිළි හැඳ, දිනපතා සුඛ විහරණයෙන් කල් ගෙවූ ධනවතෙක් සිටියා.


හෙරෝද්ගේ ගබඩා භාරකරු වූ කුසාගේ භාර්යාව වූ යොවන්නා ද සුසන්නා ද තමන්ට ඇති දෙයින් ඔවුන්ට උපස්ථාන කළ තව බොහෝ දෙනෙක් ද ඒ අතර වූහ.


“සවස් වූ කල තම කළමනාකරු ඇමතූ ඉඩම් හිමියා, ‘කම්කරුවන් කැඳවා, අන්තිමට ආ අයගෙන් පටන් ගෙන මුලින් ආ අය දක්වා ඔවුන්ගේ පඩිය ගෙවන්නැ’ යි කීවේ ය.


එබැවින් ඔහු කැඳවූ හාම්පුතා, ‘ඔබ ගැන මට අහන්න ලැබෙන මේ දේවල් මොනවා ද? ඔබේ කළමනාකාරකම පිළිබඳ ගණන් බේරන්න. තවදුරටත් කළමනාකරු වීමට ඔබට බැරි යැ’ යි කීවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්