Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 15:27 - සිංහල කාලීන පරිවර්තනය

27 ඔහු පිළිතුරු දෙමින්, ‘ඔබේ සහෝදරයා ඇවිදින්; ඔබේ පියා පුෂ්ටිමත් වස්සා මැරුවා. එසේ කළේ ඔහු සුරැකිව, සුව සේ යළි හමු වූ බැවිනැ’ යි කීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔහු ද, ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටියි; ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලත් බැවින්, තර කළ වස්සා මැරෙව්වේ ය’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔහු ද, ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටියි; ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලත් බැවින්, තර කළ වස්සා මැරෙව්වේ ය’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 ඔහුද: ඔබගේ සහෝදරයා ආවේය; ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින්, තරකළාවූ වස්සා මැරෙව්වේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 15:27
8 හුවමාරු යොමු  

තවදුරටත් දාසයකු ලෙස නො ව, දාසයකුට වඩා ප්‍රේමණීය සහෝදරයකු ලෙස ලැබීමට විය හැක. විශේෂයෙන්ම මට එසේ වී නම්, මිනිස් ආකාරයෙන් පමණක් නො ව ස්වාමින්වහන්සේ තුළ සහෝදරයකු වශයෙන් ඔබට කොයි තරම් වේ ද!


ඔහු මා පසෙකින් සිට, ‘සහෝදර සාවුල්, ඔබේ පෙනීම ලබන්නැ’ යි කීවා. ඒ මොහොතේම මට ඔහු දකින්නට හැකි වුණා.


එබැවින් අනනියස් පිටත්ව, ඒ නිවසට පිවිස, සාවුල් මත අත් තබා, “සහෝදර සාවුල්, ඔබ මෙහි එද්දී, මාවතේදී ඔබට පෙනුණු යේසුස් ස්වාමින්වහන්සේ මා මෙහි එවුවේ ඔබට නැවත පෙනීම ලැබෙන පිණිසත්, ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ පූර්ණ වන පිණිසත්” යයි කීවේ ය.


එහෙත්, වෛශ්‍යාවන් සමඟ ඔබේ ධනය කා දැමූ ඔබේ මේ පුත්‍රයා ආ කල, ඔබ පුෂ්ටිමත්ම වස්සා ඔහු උදෙසා මැරෙව්වා’ යි කීවා.


“එවිට ඔහු තවත් සේවකයින් යවමින්, ‘ඔවුන්ට මෙසේ කියා යැවී ය: ඔන්න, මාගේ භෝජන සංග්‍රහය සූදානම්; මගේ ගවයින් හා තර කළ මගේ සතුන් මරා, සියල්ල සූදානම්; මංගල සාදයට එන්න.’


ඔහු සේවකයකුට අඬගසා, සිදුවන්නේ කුමක්දැයි ඇසුවා.


“එහෙත් ඔහු කෝපව, ගෙට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළා. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඔහුට ආයාචනා කළා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්