Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 15:22 - සිංහල කාලීන පරිවර්තනය

22 “එහෙත් පියා තම සේවකයින්ට කතා කොට, ‘ඉක්මන් කර හොඳම කබාය ගෙනැවිත්, මොහුට හඳවන්න. මුදුවක් මොහුගේ ඇඟිල්ලේ දමන්න. පාවහන් දෙපයට දමන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එහෙත් පියා සිය මෙ‍හෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එහෙත් පියා සිය මෙ‍හෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 15:22
30 හුවමාරු යොමු  

එවිට ඔවුන් එකිනෙකාට සුදු ලෝගුව බැගින් දෙන ලදී. තවද ඔවුන් මරනු ලැබූ ලෙසම, මරනු ලබන්නට සිටින ඔවුන්ගේ හවුල් සේවකයින්ගේත්, සහෝදරයින්ගේත් ගණන සම්පූර්ණ කරන තෙක්, තව ටික කලක් විවේක ගන්නැයි ඔවුනට කියන ලදී.


ඇයට හැඳ ගැනීමට, දීප්තිමත්, පවිත්‍ර, සිහින් හණ පිළි දෙනු ලැබිණි.” (එම සිහින් හණ පිළි ශුද්ධවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා ය.)


මෙයින් පසු මම බැලීමි; මෙන්න! එවිට අති විශාල ජන සමූහයක්; කිසිවකුටත් ගණන් කරන්නට බැරි තරමේ හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම ජනතාවකට හා හැම භාෂාවකටම අයත් වූ ඔවුහු, සුදු ලෝගු හැඳ, ඉඳි අතු අතැතිව සිංහාසනය හා බැටළු පැටවාණන් ඉදිරියේ සිටගෙන වුන්හ.


මන්ද ඔබ ලබා ඇත්තේ, නැවත බයට වහල් වන ආත්මයක් නො වේ. ඔබ ලබා ඇත්තේ පුත්‍රයින් බවට පත් කරන ආත්මයාණන් ය; උන්වහන්සේ මඟින් අපි, “අබ්බා, පියාණෙනි!” කියා හඬ ගසන්නෙමු.


“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.


මන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ ඔබ හැම කෙනෙක්ම ක්‍රිස්තුස්වහන්සේ පැලඳ ගත්හ.


ඒ හැර, මාංසයේ තෘෂ්ණා පිනවීමට ඉඩ සලසන්නේ නැතිව, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පැලඳ ගන්න.


ඔබ ධනවත් වන පිණිස, ගින්නෙන් පවිත්‍ර කරන ලද රන් ද ඔබට ඇඳගන්නට හා ලජ්ජා සහගත ඔබගේ නග්න භාවය නො පෙනෙන පිණිස, සුදු ඇඳුම් ද දකින්නට හැකි වන පිණිස, ඔබේ ඇස්වල තවරා ගන්නට නෙතු ආලේප ද මගෙන් මිලයට ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි.


සාමයේ සුබ අස්නට සූදානම් වහන් පය ලා ස්ථාවරව සිටගන්න.


දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත.


“එවිට පුත්‍රයා කතා කරමින්, ‘පියාණෙනි, මා ස්වර්ගයට විරුද්ධව හා ඔබ ඉදිරියේ පව් කළා. තවදුරටත් ඔබේ පුත්‍රයා යැයි කියන්න මා වටින්නේ නෑ’ යි කීවා.


පුෂ්ටිමත් හරකා ගෙනැවිත්, මරා, රස බොජුන් පිළියෙල කරන්න. අපි කාලා ප්‍රීති වෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්