Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 14:28 - සිංහල කාලීන පරිවර්තනය

28 “ඔබෙන් යමෙක්, කුලුනක් ගොඩ නගන්නට අදහස් කරන්නේ නම්, පළමු කොට පසෙකට වී හිඳ, වැඩය නිම කර ගැනීමට ඇති තරම් වේදැයි ගණන් නො බලා සිටින්නේ කවුරු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔබ අතුරෙන් යමෙක් මුර අටල්ලක් ගොඩනැඟීමට අදහස් කරයි නම්, එය නිම කරලීමට කොතරම් වියහියදම් ඇද්දැ යි පළමුකොට හිඳ ගණන් නො බලන්නේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔබ අතුරෙන් යමෙක් මුර අටල්ලක් ගොඩනැඟීමට අදහස් කරයි නම්, එය නිම කරලීමට කොතරම් වියහියදම් ඇද්දැ යි පළමුකොට හිඳ ගණන් නො බලන්නේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මක්නිසාද කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 14:28
12 හුවමාරු යොමු  

සැවොම මාගේ නාමය නිසා ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා, ගලවනු ලබනු ඇත.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සිවලුන්ට ගුහාත්, අහස් පක්ෂීන්ට කැදලිත් තිබේ. එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාට තම හිස තැබීමටවත් තැනක් නැතැ” යි කී සේක.


තමාගේ කුරුසිය දරාගෙන, මා අනුව නො එන කිසිවකුට මගේ ගෝලයකු වන්නට බැරි ය.


එසේ නො කර, අත්තිවාරම දමා, එය තනා නිම කරන්නට නො හැකි වුවහොත්, එය දකින සැවොම ඔහුට අවමන් කරමින්,


එසේම, තමන් සතු සියලු දේ අත්හරින්නේ නැති කවරකුටවත් මගේ ගෝලයකු වන්නට බැරි ය.


පාවුල් පිළිතුරු දෙමින්, “හඬා දොඩා මගේ හද කඩන්නේ ඇයි? බඳිනු ලබන්නට පමණක් නො ව යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා යෙරුසලමේදී මැරෙන්නට වුවත් මම සූදානම්” යැයි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්