Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 13:8 - සිංහල කාලීන පරිවර්තනය

8 “ඔහු පිළිතුරු දෙමින්, ‘මහත්මයා, තව එක් වසරක් මෙසේ තිබුණා වේ. මම ගහ වටේට හාරා පොහොර දමන්නම්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔහු උත්තරදෙමින්: ස්වාමීනි, ඒක වටකර හාරා, පෝර දමන තුරු, මේ අවුරුද්දෙත් තිබුණාවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 13:8
17 හුවමාරු යොමු  

පමාවකැයි ඇතමකු වටහා ගෙන ඇති නමුදු, ස්වාමින්වහන්සේ උන්වහන්සේ පොරොන්දු වූ දේ ඉටු කිරීමට පමා නො වන සේක. කිසිවකුත් විනාශ නො වී, හැම කෙනෙක්ම පසුතැවිලි වීම අපේක්ෂා කරමින්, උන්වහන්සේ ඔබ ගැන ඉවසා බලා සිටින සේක.


හේතුව, කෙලෙස හෝ මගේම ජනයා ඊර්ෂ්‍යා ගන්වා, එමඟින් ඔවුන් කීප දෙනකු හෝ ගැලවීමයි.


සහෝදරයිනි, ඔවුන් උදෙසා මා හදවතේ ආශාවත්, දෙවියන්වහන්සේට මාගේ යාච්ඤාවත් ඔවුන් ගලවනු ලැබීම ය.


එබැවින් ඔහු මිදි වතු පාලකට කතා කර, ‘බලන්න, දැන් තුන් වසරක්ම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආවත්, කිසිවක් ලැබුණේ නැහැ. මෙය කපා දමන්න; මෙය තවත් පොළොවට බරක්ව තිබෙන්නේ කුමට දැ?’ යි කීවේ ය.


එන වසරේ පල හට ගත්තොත් හොඳයි; නැතිනම් කපා දමන්න පුළුවනැ’ යි කීවේ යැ” යි පැවසූ සේක.


පසටවත්, පොහොරටවත් එයින් ඇති වැඩක් නැත. ඒවා ඉවත හෙළා දැමේ. “කන් ඇත්තා අසත්වා!” යි කී සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්