Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 12:52 - සිංහල කාලීන පරිවර්තනය

52 මන්ද මෙතැන් පටන් එක පවුලේ පස් දෙනකු අතරේ දෙදෙනකුට එරෙහිව තිදෙනකු ද තිදෙනකුට එරෙහිව දෙදෙනකු ද භේද කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

52 මෙ‍වක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව තිදෙනෙක් ද තිදෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් ද භේද වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

52 මෙ‍වක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව තිදෙනෙක් ද තිදෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් ද භේද වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

52 මක්නිසාද මෙවක් පටන් එක ගෙයක සිටින පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධව තුන්දෙනෙක්ද තුන්දෙනෙකුට විරුද්ධව දෙදෙනෙක්ද භේදව සිටින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 12:52
12 හුවමාරු යොමු  

ඔහු කී දෑවලින් ඇතමුන් ඒත්තු ගැන්විණි; එහෙත් සෙසු අය විශ්වාස කළේ නැත.


ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත.


පරිසීන්ගෙන් ඇතමෙක් කතා කරමින්, “මේ මිනිසා දෙවියන්වහන්සේගෙන් ආවා නො වේ. මන්ද ඔහු සබත් පවත්වන්නේ නැතැ” යි කීහ. සෙසු අය “පව්කාර මනුෂ්‍යයකු මෙබඳු අනුහස් ලකුණු කරන්නේ කෙසේ දැ?” යි කීහ. මෙසේ ඔවුන් අතර බෙදීමක් විය.


පොළොවේ සාමය සලසන්නට මා ආවා යයි ඔබ සිතනවා ද? එසේ නො වෙයි; මම ඔබට කියන්නම්; මා ආවේ භේද ඇති කරන්නයි.


පුතාට එරෙහිව පියාත්, පියාට එරෙහිව පුතාත්, දුවට එරෙහිව මවත්, මවට එරෙහිව දුවත්, ලේලියට එරෙහිව නැන්දණියත්, නැන්දණියට එරෙහිව ලේලියත් යන වශයෙන් ඔවුහු භේද කරනු ලබති” යි පැවසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්