Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 12:28 - සිංහල කාලීන පරිවර්තනය

28 අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, අද තිබී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ, ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඇදහිලි හීන තැනැත්තෙනි! කෙතෙහි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තෘණ දෙවියන් වහන්සේ මෙ‍සේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඇදහිලි හීන තැනැත්තෙනි! කෙතෙහි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තෘණ දෙවියන් වහන්සේ මෙ‍සේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 විශ්වාසය මදි තැනැත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතෙහි තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 12:28
10 හුවමාරු යොමු  

එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලාගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත්ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදුවන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත.


අද පිපී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? අහෝ ඇදහිලි මද තැනැත්තෙනි,


මන්ද, “සියලු මාංසිකයින් තණකොළ මෙනි, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණකොළ වියළෙයි. මල් පරව වැටෙයි.


“කෝ! ඔබේ ඇදහිල්ල?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. බයින් ද විස්මයෙන් ද වෙළී ගිය ඔවුහු, “මොහු කවරෙක් ද? සුළඟට හා ජලයට පවා මොහු අණ දෙන කල ඒවා ද කීකරු වෙතැ” යි එකිනෙකාට පැවසූහ.


යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක.


යේසුස්වහන්සේ ඔවුන්ගේ කතා බහ දැන, “අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, රොටි නො ගෙන ඒම ගැන ඔබ අතරේ කතා කරන්නේ මන්ද?


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “අහෝ, මද ඇදහිලි ඇත්තනි, මොකට ඔතරම් බය දැ?” යි අසා, ඉන්පසු නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට මහා නිසලතාවක් ඇති විය.


නිතර එය පිට වැටෙන වැස්ස උරා ගනිමින්, වගා කරන්නන්ට පලදායි අස්වැන්නක් උපදවා දෙන පොළොව, දෙවියන්වහන්සේගෙන් ආශිර්වාද ලබයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්