Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 12:16 - සිංහල කාලීන පරිවර්තනය

16 උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් පවසමින්, “ධනවත් මිනිසකුගේ භූමියෙන් සරු පලදාවක් ඉපැදවිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්: එක් වස්තුකාරයෙකුගේ බිමෙහි බොහෝ භෝග හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 12:16
13 හුවමාරු යොමු  

එහෙත් එකල ද තමන්වහන්සේ ගැන සාක්ෂි දැරීම අත්හරින්නේ නැතිව, අහසින් වැස්ස එවා, නිසි කල අස්වනු දීමෙන් ද බහුල ලෙස ආහාර සැපයීමෙන් හා ඔබගේ සිත් සොම්නසින් පුරවමින් ද උන්වහන්සේ ඔබට කරුණාව පෑවා” යි කීවේ ය.


මෙසේ ඔබ, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේගේ පුත්‍රයින් වනු ඇත. මන්ද උන්වහන්සේ දුෂ්ටයින්ටත්, ධර්මිෂ්ඨයින්ටත්, තම හිරු උදා කරන සේක. දමිටුන්ටත්, අදමිටුන්ටත් වැසි වස්වන සේක.


සෙසු බීජ සරු බිමෙහි වැටී, සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් යන වශයෙන් අස්වැන්න ඉපද වීය.


ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සියලු ආකාර තණ්හාවෙන් පරෙස්සම් වන්නට සිතට ගන්න. මිනිසකුගේ ජීවිතය ඔහුට හිමි වස්තු සම්භාරය මත රැඳී නැතැ” යි කී සේක.


එවිට ඔහු කල්පනා කරමින්, ‘මා මොකද කරන්නේ? මගේ පලදාව ගබඩා කරන්නට මට තැනක් නැහැ’ යි සිතී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්