Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 11:7 - සිංහල කාලීන පරිවර්තනය

7 එවිට මිතුරා ගෙතුළ සිට පිළිතුරු දෙමින්, ‘මට කරදර කරන්න එපා. දොරත් දැන් වහලා; මගේ දරුවන් මා සමඟ ඇඳේ නිදා සිටින නිසා, කිසිවක් දෙන්නට දැන් මට නැගිටින්න බැහැ’ යි කියාවි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඔහු ඇතුළේ සිට උත්තරදෙමින්: මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබේ, මාගේ දරුවෝ මා සමඟ නිදාගෙන සිටිති; නැගිට නුඹට දෙන්ට බැරියයි කියයිද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 11:7
7 හුවමාරු යොමු  

“එසේ ඔවුන් තෙල් මිලදී ගැනීමට යන අතරේ, මනාලයා පැමිණියේ ය. සූදානම්ව සිටි අය ඔහු සමඟ මංගල උත්සවයට ඇතුල් වූහ. දොරටුව ද වසන ලදී.


දුර ගමනක් යන මගේ මිතුරෙක් මා වෙත පැමිණ සිටී. ඔහුට සංග්‍රහ කරන්නට මා ළඟ කිසිවක් නැතැ’ යි කියන්නේ යයි සිතමු.


මා ඔබට කියන්නේ, ඔහු තමන්ගේ මිතුරුකම සලකා, නැගිට ඔහුගේ ඉල්ලීම ඉටු නො කරතත්, ඔහුගේ තිරසර පෙරැත්තය නිසා නැගිට, ඔහුට වුවමනා දෑ දෙනු ඇත කියායි.


ගෙදර ස්වාමියා නැගිට, දොර වැසූ පසු, ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කියනු ඇත. “එවිට එතුමා පිළිතුරු දෙමින්, ‘ඔබ කොහේ සිට ආවා ද කියා මා දන්නේ නැතැ’ යි කියනු ඇත.


එවිට යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගිය සේක. උන්වහන්සේ ඔහුගේ නිවසට ළඟා වෙත්ම, උන්වහන්සේ වෙතට පෙර මඟට තම මිතුරන් පිටත් කළ සෙන්පතියා, “ස්වාමිනි, වෙහෙස නො වුව මැනවි, ඔබතුමා මගේ වහල යටට පැමිණීමට තරම් මා සුදුස්සෙක් නො වේ;


මෙතැන් පටන් කිසිවෙක් මට කරදර නො කරත්වා. මන්ද මම යේසුස්වහන්සේගේ වේදනාවේ සලකුණු මගේ සිරුරෙහි දරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්