Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 11:20 - සිංහල කාලීන පරිවර්තනය

20 එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ඇඟිල්ල මඟින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුමුත් මම දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරුකරම් නම්, සැබවින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කෙරෙහි පැමිණ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 11:20
11 හුවමාරු යොමු  

එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත.


එහි සිටින රෝගීන් සුව කර, ‘දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබට ළංව ඇතැ’ යි ඔවුන්ට කියන්න.


“පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළංව ඇතැ” යි කියමින් ආවේ ය.


‘අපේ පා වැකුණු ඔබේ නගරයේ දූලි පවා ඔබට එරෙහිව මෙසේ ගසා දමන්නෙමු. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළංව ඇති බව දැනගන්නැ’ යි ඔවුන්ට කියන්න.


දෙවියන්වහන්සේගේ විනිශ්චය යුක්ති සහගත බවට මේ සියල්ල ඔප්පු සාධක වෙයි. මෙහි ප්‍රතිඵලය නම් ඔබ දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක් ඉසිලීමෙන්, ඒ රාජ්‍යයට සුදුස්සන් සේ ගණන් ගනු ලැබීම ය.


“රාජ්‍යය ප්‍රකාශ කරමින් මා ගියවුන් අතර සිටින ඔබ කිසිවකුට මින් මතු මගේ මුහුණ දකින්නට නො ලැබෙන බව දැන් මම දනිමි.


උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


“ආයුධ සන්නද්ධ බලවන්තයා තම ගෙය රකිනා කල, ඔහු සතු දෑ සුරක්ෂිතයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්