Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 10:37 - සිංහල කාලීන පරිවර්තනය

37 “ඔහුට දයාව පෑ තැනැත්තා යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. “ඔබත් ගොස්, එලෙසම කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 “ඔහුට දයාව දැක්වූ තැනැත්තා ය”යි විනයධරයා කී ය. “ඔබත් ගොස් එසේ ම කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 “ඔහුට දයාව දැක්වූ තැනැත්තා ය”යි විනයධරයා කී ය. “ඔබත් ගොස් එසේ ම කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 ඔහුට කරුණාකළ තැනැත්තේයයි ඔහු කීවේය. නුඹත් ගොස් එලෙසම කරන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 10:37
18 හුවමාරු යොමු  

ඔබ කැඳවනු ලැබ ඇත්තේ මේ සඳහා ය. මන්ද ඔබත් උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආදර්ශයක් දෙමින්, ඔබ උදෙසා වධ වේදනා විඳි සේක.


මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ දනිති. උන්වහන්සේ ධනවත් නමුදු ඔබ උදෙසා දිළිඳු බවට පැමිණියේ උන්වහන්සේගේ දිළිඳු බව තුළින්, ඔබ ධනවත් වන පිණිස ය.


“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුවඳතලා, සුදුදුරු හා කළුදුරුවලින් දසයෙන් කොටස දෙති. එහෙත් යුක්තිය, දයාව හා විශ්වාසවන්තකම යන දහම් නීතියේ වඩා වැදගත් කරුණු නුඹලා පැහැර හරිති. පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් ඔබ පිළිපැදිය යුතුව තිබේ.


දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.


විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ,


එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.


“ඔබ සිතන්නේ කුමක් ද? මංකොල්ලකරුවන් අතට අසු වූ තැනැත්තාට අසල්වැසියා වූයේ මේ තිදෙනාගෙන් කවුරු දැ?” යි ඇසූ සේක.


ඔවුන් යන මාර්ගයේ යද්දී, යේසුස්වහන්සේ එක් ගමකට පැමිණි කල, මාර්තා නම් වූ ස්ත්‍රියක් තම නිවසට උන්වහන්සේ පිළිගත්තා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්