Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 10:25 - සිංහල කාලීන පරිවර්තනය

25 එවිට මෙන්න! දහම් පඬිවරයෙක් යේසුස්වහන්සේ පරීක්ෂා කරන්නට නැගිට, “ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එක්තරා විනයධරයෙක් නැඟිට, උන් වහන්සේ පරීක්ෂා කරමින් “ගුරුදේවයෙනි, සදාතන ජීවනය හිමි කරගනු සඳහා මා කුමක් කටයුතු දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 එක්තරා විනයධරයෙක් නැඟිට, උන් වහන්සේ පරීක්ෂා කරමින් “ගුරුදේවයෙනි, සදාතන ජීවනය හිමි කරගනු සඳහා මා කුමක් කටයුතු දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 බලව, ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 10:25
13 හුවමාරු යොමු  

එක් අධිපතියෙක් උන්වහන්සේ අමතමින්, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.


මන්ද උරුමය එන්නේ දහම් නීතිය මඟින් නම්, තවදුරටත් එය පොරොන්දුවෙන් නො වේ. එහෙත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට එය දුන්නේ පොරොන්දුවකිනි.


එහෙත් පරිසිවරු හා නීති විශාරදයෝ ඔහුගෙන් බව්තීස්ම නො ලැබ, තමන් සඳහා වූ දෙවියන්වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළහ.)


උන්වහන්සේ ගමන් අරඹත්ම, එක් මිනිසෙක් දුවගෙන අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.


පැමිණ සිටි දහම් පඬිවරුන්ගෙන් කෙනෙක්, ඔවුන් එකිනෙකාගේ වාද කිරීම අසා, උන්වහන්සේ ඔවුන්ට නිසි පිළිතුර දුන් වග දැක, උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “සියලු ආඥාවලින් වඩාත් උතුම් එක කොයික දැ?” යි ඇසී ය.


මන්දැයි මා ඔබට කියන්නම්; බොහෝ දිවැසිවරුන් හා රජවරුන් ඔබ දකින දේ දකින්නට ආශා කළත්, එය දුටුවේ නැත. ඔබ අසන දේ අසන්නට ආශා කළත්, ඔවුන් එය ඇසුවේ නැතැ” යි පැවසූ සේක.


“උන්වහන්සේ පිළිතුරු දෙමින්, දහම් නීතියේ ලියා ඇත්තේ කුමක් ද? ඔබ එය කියවන්නේ කොහොම දැ?” යි ඇසූ සේක.


ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට එරෙහි හේතුවක් අල්ලා ගැනීමේ උගුලක් වශයෙනි. යේසුස්වහන්සේ පහතට නැමී, ඇඟිල්ලකින් බිම යමක් ලියූ සේක.


උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබට අණ කර ඇත්තේ කුමක් දැ?” යි ඇසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්