Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 1:29 - සිංහල කාලීන පරිවර්තනය

29 ඒ කියමනෙන් මහත් සේ කැලඹුණු ඕ, ඒ කවර අන්දමේ ආචාරයක් දෝයි සිතන්නට වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 නුමුත් ඈ ඔහුගේ කීමට බොහෝසේ කැලඹී, මේ කෙබඳුවූ ආචාරයක්ද කියා කල්පනාකරමින් සිටියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 1:29
12 හුවමාරු යොමු  

තමා දුටු ඒ දර්ශනයේ අරුත කිමෙක්දැයි නො වැටහී, පේතෘස් කල්පනා කරමින් සිටියදී මෙන්න! කොර්නේලියස් වෙතින් පැමිණි පණිවුඩකරුවෝ සීමොන්ගේ නිවස සොයාගෙන ගේ දොරකඩටම අවුත්,


කොර්නේලියස් බියෙන් දෑස් දල්වා බලා, “කිමෙක් ද ස්වාමිනි?” යි ඇසී ය. එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “ඔබගේ යාච්ඤා හා දාන දෙවියන්වහන්සේ ඉදිරියට සමරුවක් සේ නැගී ඇත;


ඔහු දුටු සෙකරියස් කලබල වී, බයින් ඇලළී ගියේ ය.


ඉන්පසු ඔවුන් සමඟ නාසරෙත් වෙත ගිය උන්වහන්සේ ඔවුන්ට කීකරුව විසූ සේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ල තම සිත්හි ධාරණය කර ගත්තා ය.


එහෙත් මරියා ඒ සියලු කියමන් තම සිත්හි රඳවා, ඒවා මෙනෙහි කළා ය.


මේ ගැන ඇසූ සැවොම එය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වේදෝ?” යි කීහ. මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය ඔහු පිට පැවතියේ ය.


ඔවුහු තම තමන් අතරේ කතිකා කරමින්, “රොටි ගෙනෙන්නට අපට අමතක වූ නිසා යැ” යි කීහ.


දේව දූතයා ඇය වෙත පැමිණ, “සැරදේවා! ඉමහත් ප්‍රසාද ලත් තැනැත්තිය, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්