Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 9:11 - සිංහල කාලීන පරිවර්තනය

11 ඔහු පිළිතුරු දෙමින්, “අර යේසුස් කියන තැනැත්තා මඩ සාදා, මගේ ඇස්වල ගා, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැයි මට කීවා. මා ගොස්, සෝදා ගත් විට, මට පෙනීම ලැබුණා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔහු පිළිතුරු දෙමින්, “ජේසුස් නම් කෙනෙක් මඬ සාදා මගේ ඇස්වල ගල්වා, ‘සිලෝවම් පොකුණට ගොස් සෝදාගන්නැ’යි මට කී හ. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔහු පිළිතුරු දෙමින්, “ජේසුස් නම් කෙනෙක් මඬ සාදා මගේ ඇස්වල ගල්වා, ‘සිලෝවම් පොකුණට ගොස් සෝදාගන්නැ’යි මට කී හ. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඔහු උත්තරදෙමින්: යේසුස් නම් මනුෂ්‍යයා මඩ සාදා මාගේ ඇස්වල ගා–නුඹ සිලෝවම්ට ගොස් සෝදාගන්නැයි මට කීවේය. මම ගොස් සෝදාගෙන පෙනීම ලැබීමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:11
6 හුවමාරු යොමු  

ඔහු පිළිතුරු දෙමින්, “වතාවක් මා ඔබට කීවා; ඔබ සවන් දෙන්නේ නෑ. ආයෙත් එය අහන්නට ඔබට වුවමනා මොකද? ඔබටත් එතුමාගේ ගෝලයින් වෙන්නට ඕනෑ දැ?” යි ඇසී ය.


සිලෝවම්හි කොටුව කඩා වැටීමෙන්, යටවී මළ දහඅට දෙනා යෙරුසලමේ වෙසෙන හැමට වඩා වරදකරුවන්යැයි ඔබ සිතනවා ද?


එවිට ඔවුහු, “එහෙම නම්, ඔබේ ඇස් පෑදුණේ කොහොම දැ?” යි ඔහුගෙන් ඇසූහ.


එවිට ඔවුහු “කෝ, ඔහු කොහේ දැ?” යි ඇසූහ. “මා දන්නේ නැහැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්