Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 9:10 - සිංහල කාලීන පරිවර්තනය

10 එවිට ඔවුහු, “එහෙම නම්, ඔබේ ඇස් පෑදුණේ කොහොම දැ?” යි ඔහුගෙන් ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කොහොමදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:10
11 හුවමාරු යොමු  

“මළවුන් නැගිටුවන්නේ කෙසේ ද? ඔවුන් නැගිට එන්නේ කවර ආකාර ශරීරයකින් දැ?” යි යමෙක් අසනු ඇත.


එවිට ඔවුහු ඔහු අමතා, “මොනවද ඔහු නුඹට කළේ? ඔහු නුඹේ ඇස් පෑදුවේ කොහොම දැ?” යි ඇසූහ.


එනමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම ද කියා අප දන්නේ නැහැ; ඔහුගේ ඇස් විවර කළේ කවුරු ද කියාත් අප දන්නේ නැහැ. ඔහු වයස් පිරුණු කෙනෙක්; ඔහුගෙන්ම අසන්න; තමන් ගැන ඔහුම කතා කරාවි” යි කීහ.


එබැවින් පරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කෙසේදැයි නැවතත් ඔහුගෙන් ඇසූහ. ඔහු පිළිතුරු දෙමින්, “ඔහු මගේ ඇස්වල මඩ තැවරුවා, මා සෝදා ගත්තා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය.


“ඒක වෙන්නේ කොහොම දැ?” යි නිකදේමුස් ඇසුවේ ය.


ඔහු නිදා සිටිය ද අවදිව සිටිය ද රැයේ හා දහවලේ ඒ බීජ පැළවී, වැඩෙයි. ඒ කෙසේදැයි ඔහු නො දනී.


මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් වූ ගලීල මුහුදින් එතෙරට ගිය සේක.


ඇතැම්හු “මේ ඔහුම යැ” යි කී අතර, අන් සමහරු, “නෑ මොහු හරියට ඔහු වගේ” යි කීහ. “ඒ මම” යැයි ඒ මිනිසා ප්‍රකාශ කළේ ය.


ඔහු පිළිතුරු දෙමින්, “අර යේසුස් කියන තැනැත්තා මඩ සාදා, මගේ ඇස්වල ගා, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැයි මට කීවා. මා ගොස්, සෝදා ගත් විට, මට පෙනීම ලැබුණා” යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්