Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 8:34 - සිංහල කාලීන පරිවර්තනය

34 යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පව් කරන හැම කෙනෙක්ම පාපයේ වහලකු බවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–පව්කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:34
16 හුවමාරු යොමු  

මන්ද සැබවින් ම මා ඔබට කියන්නේ, අහසත්, පොළොවත් පහව යන තෙක්, දහම් නීතියෙන් එක් ඉස්පිල්ලක්, පාපිල්ලක් වුව කිසි සේත් පහ වී නො යන වගයි.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, නැවත නූපදින කිසි කෙනකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්නට නො හැකි බවයි” කී සේක.


මන්ද ඔබ තදබල තික්තකමින් පිරී, පාපයට ගොදුරක්ව සිටිනු මට පෙනේ යැ” යි කීවේ ය.


එබැවින් පාපී ආශාවනට ඔබ අවනත නො වන පිණිස මැරෙන සුළු වූ ඔබේ සිරුර තුළ රජකම් කිරීමට පාපයට ඉඩ නො දෙන්න.


යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද?


තවදුරටත් පාපයේ වහල් බවට පත් නො වන්නට, පාපයේ ශරීරය නැති වන පිණිස, අපගේ පැරණි මනුෂ්‍යයා, උන්වහන්සේ සමඟ කුරුසිපත් කරන ලද බැව් අපි දනිමු.


මන්ද දහම් නීතිය ආත්මික වග අපි දනිමු. එහෙත් මම, පාපය යටතේ විකුණන ලද මාංසිකයෙක්මි.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් දෙවියන්වහන්සේට ස්තුති වේවා! මෙසේ මම, මගේ මනසින් සේවය කරන්නේ දෙවියන්වහන්සේගේ දහම් නීතියට ය; එහෙත් මාගේ මාංසයෙන් මා සේවය කරන්නේ පාපයේ නීතියට ය.


එනම්, මැවිල්ල ජරාපත් වීමේ වහල් බැම්මෙන් මුදනු ලැබ, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ තේජවත් නිදහස අත්කර දීමට ය.


එසේ වූයේ, ඔබ මෙලොව සම්මත දිවි රටාව හා අකීකරුකමේ පුත්‍රයින් තුළ දැනුදු ක්‍රියා කරන දුෂ්ටාත්මය වූ ආකාශ රාජධානි අධිපතියාගේ මාර්ග අනුගමන කරමින්, ඒවා තුළ ජීවත් වූ කාලයේ ය.


කලක් අපත් අනුවණව හා අකීකරුව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල්ව ඊර්ෂ්‍යාවෙන් යුතුව අපගේ දවස් ගත කළෙමු.


තමන්ම අන්ත දූෂිතයෙහි වහලුන්ව සිටියදී, ඒ අයට නිදහස ගෙන දීමට පොරොන්දු වෙති. යමෙක් යමකට යටත් නම්, ඒ යටත් වූ දෑට ඔහු වහලකු වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්