Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 6:31 - සිංහල කාලීන පරිවර්තනය

31 අපේ පියවරුන් කාන්තාරයේදී මන්නා කෑවේ, ‘ආහාර පිණිස උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගයෙන් රොටි දුන් සේකැ’ යි ලියා තිබෙන ලෙසයැ” යි පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 අපේ පියවරු පාළුකරයෙහි දී මන්නා කෑහ. ‘බුදින පිණිස එතුමෝ ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර සැපයූහ’යි ලියා ඇතැ”යි උන් වහන්සේට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 අපේ පියවරු පාළුකරයෙහි දී මන්නා කෑහ. ‘බුදින පිණිස එතුමෝ ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර සැපයූහ’යි ලියා ඇතැ”යි උන් වහන්සේට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 ඔවුන්ට කන පිණිස ස්වර්ගයෙන් කෑම දුන්නේයයි ලියා තිබෙන ලෙස අපේ පියවරු වනයේදී මන්නා කෑවෝයයි උන්වහන්සේට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 6:31
14 හුවමාරු යොමු  

ඔබේ පියවරු කාන්තාරයේදී මන්නා කෑ නමුත්, ඔවුහු ද නැසී ගියහ.


“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.


එකම ආත්මික ආහාර කෑ ඒ සියල්ලෝ


ස්වර්ගයෙන් බැස ආ රොටි මෙයයි; ඔබේ පියවරු මන්නා කෑහ; ඔවුහු මළහ. එහෙත් මේ රොටි ආහාරයට ගන්නා තැනැත්තා සදාතනිකව ජීවත් වේ යැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගයෙන් ඔබට රොටි දුන්නේ මෝසෙස් නො වන බවයි; ස්වර්ගයේ සිට සැබෑ වූ රොටි ඔබට දෙන්නේ මගේ පියාණන්වහන්සේයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්