Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 5:28 - සිංහල කාලීන පරිවර්තනය

28 “මේ ගැන පුදුම වන්න එපා. සොහොනේ නිදන මළවුන් උන්වහන්සේගේ කටහඬ අසන පැය උදා වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මේ ගැන මවිත නොවන්න; මන්ද, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මේ ගැන මවිත නොවන්න; මන්ද, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 5:28
19 හුවමාරු යොමු  

තවද ලොකු කුඩා මළවුන් සිංහාසනය ඉදිරියේ සිටගෙන සිටිනවා දුටුවෙමි. පොත් දිග හරිනු ලැබිණි. ජීවනයේ පොත වන තවත් පොතක් දිග හරින ලදී. පොත්වල ලියන ලද දෑ ලෙස, තම තමන් කර තිබූ දෑ අනුව මළාහු විනිශ්චය කරන ලදහ.


උන්වහන්සේ සියලු දේ තම අණසක යටතට ගැනීමට ඇති බලයෙන් මිනිස් අපගේ පහත් සිරුරු උන්වහන්සේගේ මහිමවත් ශරීරයේ සමානත්වයට වෙනස් කරනු ඇත.


මන්ද ආදම් තුළ හැමෝම මැරෙන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝ ජීවනයට ගෙනෙනු ලබති.


‘ඔබ නැවත උපදින්නට ඕනෑ’ යි මා කීවාට පුදුම නො වන්න.


පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන නිසා, තමන් කරන හැම දෙයක්ම පුත්‍රයාට පෙන්වන සේක. ඔබ මවිත කරවන මීට වඩා විශිෂ්ට දෑ මතු පෙන්වනු ඇත.


එවිට යේසුස්වහන්සේ, “මා විශ්වාස කරන්න ස්ත්‍රිය, ඔබ මේ කන්දේවත්, යෙරුසලම්හිදීවත් පියාණන්වහන්සේට නමස්කාර නො කරන කාලයක් උදා වෙයි.


පේතෘස් ඒ දැක ජනයා අමතමින්, “ඉශ්‍රායෙල් මිනිසුනි, මේ ගැන ඔතරම් පුදුමයෙන් මොකද? අපේම බලයෙන් හෝ භක්තිවන්තකමින් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවා සේ අප දෙස ඇස් දල්වා බලා ඉන්නේ මොකද?


එහෙත් අව්‍යාජව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදාවෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක.


සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ කටහඬ මළවුන්ට ඇසෙන පැය උදා වන බවයි; එය දැනටමත් උදාවෙලා. ඊට සවන් දෙන්නෝ ජීවත්වන්නෝ ය.


තවද ධර්මිෂ්ඨයින් හා අධර්මිෂ්ඨයින් යන දෙගොල්ලම නැවත නැගිටීමේ දෙවියන්වහන්සේ තුළ මොවුන්ට ඇති බලාපොරොත්තුවම මට ද ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්