Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 5:13 - සිංහල කාලීන පරිවර්තනය

13 ජන සමූහයාට මැදි වී යේසුස්වහන්සේ එතැනින් ඉවත්ව ගොස් සිටි නිසා, ඒ කවුරුදැයි සුවය ලද මිනිසා දැන සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එහෙත් සුවපත් කරනු ලැබූ මිනිසා, ඔහු කවරෙක් දැ යි නොදත්තේ ය. මන්ද, ඒ ස්ථානයේ සමූහයා අතරින් ජේසුස් වහන්සේ සොයාගත නො හැකි වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එහෙත් සුවපත් කරනු ලැබූ මිනිසා, ඔහු කවරෙක් දැ යි නොදත්තේ ය. මන්ද, ඒ ස්ථානයේ සමූහයා අතරින් ජේසුස් වහන්සේ සොයාගත නො හැකි වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස්වහන්සේ අහක්ව ගොස් සිටිසේක; එබැවින් සුවකරනු ලැබූ මනුෂ්‍යයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 5:13
6 හුවමාරු යොමු  

එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔවුහු උන්වහන්සේ හැඳින ගත්හ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ දෘෂ්ටියෙන් අතුරුදහන් වූ සේක.


එහෙත් උන්වහන්සේ ඔවුන් අතරින්ම ගමන් කොට, බැහැරව ගිය සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මෙපමණ කලක් මා සමඟ ඉඳලත් තවම මා හඳුනන්නේ නැද්ද පිලිප්? මා දුටු තැනැත්තා පියාණන්වහන්සේ දැක තිබේ. එසේ නම්, ‘අපට පියාණන්වහන්සේ පෙන්වන්නැ’ යි කියන්නේ කෙසේ ද?


“යහන උසුලන් යන්නැයි ඔබට කීවේ කොයි මිනිහා දැ?” යි ඔවුහු ප්‍රශ්න කළහ.


පසුව දේව මාලිගයේදී යේසුස්වහන්සේ ඔහු මුණ ගැසී, “බලන්න, ඔබ දැන් සුවයෙන්; මීට වඩා නපුරක් ඔබට සිදු නො වන පිණිස, මින් මතු පව් නො කරන්නැ” කී සේක.


එවිට ඔවුහු උන්වහන්සේට දමා ගසන පිණිස, ගල් අවුලා ගත්හ. එහෙත් යේසුස්වහන්සේ මුවා වී, දේව මාලිගාවෙන් පිටව ගිය සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්