Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 5:10 - සිංහල කාලීන පරිවර්තනය

10 එබැවින් යුදෙව්වෝ, “අද සබතයි; යහන උසුලා යෑම දහම් නීතියට පටහැනියැ” යි සුවය ලද මිනිසාට දොස් කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එබැවින් ජුදෙව්වරු, “අද සබත් දවස ය, පැදුර රැගෙන යෑම නීති විරෝධී ය”යි සුවය ලැබූ මිනිසාට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එබැවින් ජුදෙව්වරු, “අද සබත් දවස ය, පැදුර රැගෙන යෑම නීති විරෝධී ය”යි සුවය ලැබූ මිනිසාට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 5:10
19 හුවමාරු යොමු  

පරිසීන්ගෙන් ඇතමෙක් කතා කරමින්, “මේ මිනිසා දෙවියන්වහන්සේගෙන් ආවා නො වේ. මන්ද ඔහු සබත් පවත්වන්නේ නැතැ” යි කීහ. සෙසු අය “පව්කාර මනුෂ්‍යයකු මෙබඳු අනුහස් ලකුණු කරන්නේ කෙසේ දැ?” යි කීහ. මෙසේ ඔවුන් අතර බෙදීමක් විය.


එවිට පරිසිවරු ඇතමෙක් ප්‍රශ්න කරමින්, “මොකද ඔබ සබතේදී නීති විරෝධී දෙයක් කරන්නේ?” යි ඇසූහ.


යේසුස්වහන්සේ ඇය සුව කළේ සබතක බැවින්, කුපිත වූ සිනගෝග අධිපතියා පිරිස අමතා, “වැඩ කිරීමට දවස් හයක් තිබෙයි. සබත් දවසේ නො ව, ඒ දවසක ඇවිත් සුව කරවා ගනිල්ලා” යි කීවේ ය.


ඉන්පසු ඔවුන් අමතමින්, “සබතේදී නිත්‍යානුකූල වන්නේ යහපත කිරීම ද? නපුර කිරීම ද? ජීවිතය ගැලවීම ද? නැතිනම් වැනසීම දැ?” යි ඇසූ සේක. එහෙත් ඔවුහු නිශ්ශබ්දව සිටියහ.


එවිට පරිසිවරු උන්වහන්සේ අමතමින්, “බලන්න, සබතේදී නීති විරෝධී දෙයක් ඔවුන් කරන්නේ මන්දැ?” යි ඇසූහ.


යේසුස්වහන්සේ ඒ දෑ කළේ සබතේදී බැවින්, යුදෙව්වෝ උන්වහන්සේට හිරිහැර කළහ.


මෝස‍ෙස්ගේ නීතිය කඩ නො වන සේ සබත් දවසේ මිනිසකු චර්මඡේද කළ හැකි නම්, සබත් දවසේ මිනිසකු මුළුමනින් සුව කිරීම ගැන මා සමඟ උරණ වන්නේ මොකද?


ඉන්පසු ආපසු ගිය ඔවුහු, සුවඳ ද්‍රව්‍ය හා විලේපන පිළියෙල කළෝ ය. එහෙත් සබතේදී ඔවුහු ආඥාව පරිදි විවේක ගත්හ.


අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. “සබතේදී සුව කිරීම නිත්‍යානුකූල දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට චෝදනා කරන අටියෙනි.


“ඔබ කවරෙක් දැ?” යි අසන පිණිස, යුදෙව්වන් ඔහු වෙත යෙරුසලමේ සිට ලෙවීවරුන් හා පූජකයින් යැවූ කල, යොහන්ගේ සාක්ෂිය වූයේ මෙයයි:


ඔහු පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ මිනිසායි මට කීවේ, ‘ඔබේ යහන උසුලා, ඇවිද යන්න කියා’ යි” කීවේ ය.


එවිට යුදෙව්වන් වෙත ගිය ඔහු, තමා සුවපත් කළේ යේසුස්වහන්සේ වග සැල කළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්