Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 4:21 - සිංහල කාලීන පරිවර්තනය

21 එවිට යේසුස්වහන්සේ, “මා විශ්වාස කරන්න ස්ත්‍රිය, ඔබ මේ කන්දේවත්, යෙරුසලම්හිදීවත් පියාණන්වහන්සේට නමස්කාර නො කරන කාලයක් උදා වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 4:21
20 හුවමාරු යොමු  

එබැවින් හැම තැනක පුරුෂයින් තරහ හා කළහ නැතිව, යාච්ඤාවේදී ශුද්ධ අත් එසවීම මගේ කැමැත්ත ය.


මන්ද එකම ආත්මයාණන් මඟින් පියාණන්වහන්සේ වෙත පිවිසීමේ වරම අප දෙගොල්ලටම ඇත්තේ උන්වහන්සේ තුළිනි.


එහෙත් අව්‍යාජව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදාවෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක.


මන්ද දෙදෙනකු හෝ තිදෙනකු හෝ මාගේ නාමයෙන් එක්රැස් වන්නේ නම්, මමත් එතැන ඔවුන් සමඟ සිටිමි” යි පැවසූ සේක.


මේ හේතුව නිසා පියාණන්වහන්සේ ඉදිරියේ මම දණ නමමි.


ඔන්න, ඔබ හැම කෙනකු තම තමන්ගේ නිවෙස්වලට විසුරුවා හරිනු ලබන, ඔබ හැම මා තනිකර දමන පැය පැමිණේ; ඇත්තෙන්ම එය දැනටමත් පැමිණිලා. එහෙත් මා තනිව නො වේ; පියාණන්වහන්සේ මා සමඟයි.


ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත.


“මේ ගැන පුදුම වන්න එපා. සොහොනේ නිදන මළවුන් උන්වහන්සේගේ කටහඬ අසන පැය උදා වෙයි.


අපක්ෂපාතීව, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නා වූ තැනැන්වහන්සේට පියාණෙනියි ඔබ අමතන්නේ නම්, ඔබගේ විදේශීව සිටින කාලය පුරා ගෞරව භයින් යුතුව පැවත සිටින්න.


මන්ද මේ නාසරෙත්හි යේසුස්, මේ ස්ථානය කඩා බිඳ, මෝසෙස් අපට නියම කළ වත් පිළිවෙත් වෙනස් කරන වග මොහු පවසනු අප අසා සිටියා” යි පැවසූහ.


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.


සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ කටහඬ මළවුන්ට ඇසෙන පැය උදා වන බවයි; එය දැනටමත් උදාවෙලා. ඊට සවන් දෙන්නෝ ජීවත්වන්නෝ ය.


ඔවුන් කඩුවට ගොදුරුව වැටෙනු ඇත; සියලු ජාතීන් අතරට සිරකරුවන් මෙන් ගෙන යනු ලබනු ඇත. අන්‍ය-ජාතීන්ගේ කාල වකවානු සම්පූර්ණ වන තෙක්, අන්‍ය-ජාතීන් යෙරුසලම පයින් පාගා දමනු ඇත.


එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද


පුරවරය තුළ දේව මාලිගයක් මා දැක්කේ නැත. මන්ද සියලු බලැති දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ හා බැටළු පැටවාණෝම එහි දේව මාලිගය ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්