Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 3:31 - සිංහල කාලීන පරිවර්තනය

31 ඉහළින් එන තැනැත්තා හැමෝටම වඩා උතුම් ය; පොළොවෙන් වන තැනැත්තා අයිති පොළොවටයි. ඔහු කතා කරන්නේ පොළොවේ කෙනකු වාගෙයි. ස්වර්ගයෙන් එන තැනැත්තා සියල්ලන්ට වඩා උතුම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 “ඉහළින් වඩිනා තැනැත්තේ සියල්ලනට වඩා උතුම් ය. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිති වේ; ඔහු භෞමික දේ ගැන කතා කරයි. ස්වර්ගයෙන් එන තැනැන් වහන්සේ සියල්ලනට ම වඩා උතුම් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 “ඉහළින් වඩිනා තැනැත්තේ සියල්ලනට වඩා උතුම් ය. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිති වේ; ඔහු භෞමික දේ ගැන කතා කරයි. ස්වර්ගයෙන් එන තැනැන් වහන්සේ සියල්ලනට ම වඩා උතුම් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 ඉහළින් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ට වඩා උතුම්ය. භූමියෙන් වූ තැනැත්තේ භූමිකව, භූමික දේ ගැන කථාකරන්නේය. ස්වර්ගයෙන් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 3:31
22 හුවමාරු යොමු  

ඔවුන් ඇමතූ උන්වහන්සේ, “නුඹලා පහළින් ය; මම ඉහළිනි. නුඹලා මෙලොවින් ය; මා මෙලොවින් නො වේ.


යේසුස්වහන්සේ ඔවුන් වෙත අවුත්, “ස්වර්ගයේත්, පොළොවේත් සියලු ආධිපත්‍යය මට දී තිබේ.


මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලටම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.


මන්ද දෙවියන්වහන්සේගේ රොටි නම්, ස්වර්ගයෙන් බැස ආවාවූ, ලෝකයට ජීවනය දෙන තැනැත්තාණන් යැ” යි පැවසූ සේක.


ඔවුහු ලෝකයෙන් ය; එබැවින් ඔවුන් කතා කරන්නේ ලෝකයට අනුව ය. ලෝකයා ද ඔවුන්ට සවන් දෙති.


ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංසයැ” යයි ප්‍රකාශ කළ සේක.


උන්වහන්සේගේ ලෝගුවෙහි හා කළවයෙහි, මෙසේ ලියා තිබිණි: රජවරුන්ගේ රජ්ජුරුවෝ ය; ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය.


උන්වහන්සේ ස්වර්ගයට පිවිස, දේව දූතයින් ද අධිපතීන් ද බලධාරීන් ද උන්වහන්සේට යටත් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින සේක.


මට පසුව එන තැනැත්තාණෝ උන්වහන්සේයි; උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ” යි පැවසී ය.


සියල්ලන්ගේම ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සාමයේ ශුභාරංචි ගෙනෙමින්, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දුන් පණිවුඩය ඔබ දනී.


පළමු ගිවිසුමට අදාළව පවා, නමස්කාරය පිළිබඳ රෙගුලාසි හා භූමික ශුද්ධස්ථානයක් තිබිණ.


‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තම කෙනෙක් මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැනයි.


යොහන් උන්වහන්සේ ගැන සාක්ෂි දරමින්, “ ‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තමයකු මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැන යැ” යි මොර ගැසී ය.


උන්වහන්සේ වැඩි වෙන්නටත්, මා අඩු වෙන්නටත් ඕනෑ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්