Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 19:39 - සිංහල කාලීන පරිවර්තනය

39 ඉහත එක් රැයෙක යේසුස්වහන්සේ වෙත පැමිණි නිකදේමුස් ද සුවඳ ද්‍රව්‍ය හා අගිල් කිලෝග්‍රෑම් තිහක් පමණ රැගෙන ආයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකොදේමුස් ද, කිලෝග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකොදේමුස් ද, කිලෝග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 පළමුවෙන් රාත්‍රියෙහි උන්වහන්සේ ළඟට ආවාවූ නිකොදේමුස්ද ගන්ධරස මිශ්‍රවූ අගිලි රාත්තල් සියයක් පමණ රැගෙන ආවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 19:39
15 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ කතා කරමින්, “ඇයට කරදර කරන්න එපා; මගේ භූමදාන දවස දක්වා ඇය එය තබා ගත්තා වේ.


සබත නිම වූ පසු ගොස්, උන්වහන්සේ ආලේප කරන පිණිස, මග්දලාහි මරියා, යාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.


එහෙත් ප්‍රථමයින් වන බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් බොහෝ දෙනෙක් ප්‍රථමයින් ද වනු ඇත.


ඔහු යුක්තිය, ජයට පත් කරන තෙක්, තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.


නිවසට ඇතුළු වූ ඔවුහු දරුවාත්, ඔහුගේ මවු වූ මරියාත් දැක, වැඳ වැටී උන්වහන්සේට නමස්කාර කළහ. ඉන්පසු තම කරඬු ඇර, රන් ද කට්ටකුමංජල් ද සුවඳලාටු ද යන ත්‍යාග උන්වහන්සේට පිළිගැන් වූහ.


මරියා පිරිසිදු නාඩ්වලින්, ඉතා මිල අධික සුවඳ විලවුන් ලීටර බාගයක් ගෙනැවිත්, යේසුස්වහන්සේගේ දෙපාවල වත්කර, උන්වහන්සේගේ පා ඇගේ කෙස් වැටියෙන් පිස දැමුවා ය. මුළු නිවස විලවුන් සුවඳින් පිරුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්