Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 19:13 - සිංහල කාලීන පරිවර්තනය

13 ඒ වචන ඇසූ පිලාත්, යේසුස්වහන්සේ පිටතට ගෙනැවිත්, (හෙබ්‍රෙව් බසින් ගබ්බතා නම් වූ) ගල් වේදිකාව නම් ස්ථානයේ වූ විනිශ්චය ආසනයේ හිඳ ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 පිලාත් ඒ බස් අසා, ජේසුස් වහන්සේ පිටතට ගෙනැවිත් සිටුවා, හෙබ්‍රෙව් බසින් ‘ගබ්බාතා’ කියන ගල් වේදිකා නම් ස්ථානයේ ඇති විනිශ්චයාසනයෙහි අසුන් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 පිලාත් ඒ බස් අසා, ජේසුස් වහන්සේ පිටතට ගෙනැවිත් සිටුවා, හෙබ්‍රෙව් බසින් ‘ගබ්බාතා’ කියන ගල් වේදිකා නම් ස්ථානයේ ඇති විනිශ්චයාසනයෙහි අසුන් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එබැවින් පිලාත් ඒ බස් අසා, යේසුස්වහන්සේ පිටතට ගෙනැවිත්, හෙබ්‍රෙව් භාෂාවෙන් ගබ්බතායයි කියන ගල් අතුළ ස්ථානයෙහි නඩු ආසනයේ හිඳගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 19:13
16 හුවමාරු යොමු  

පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය.


එහෙත් පේතෘස් හා යොහන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේට වඩා, ඔබට කන්දීම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හරිදැයි ඔබම තීරණය කරන්න.


ඒ කියමන ඇසූ කල, පිලාත් වඩාත් බයට පත් විය.


එනමුත් ඔබ බය විය යුත්තේ කවරකුටදැයි මා පෙන්වා දෙන්නම්; ඔබේ ශරීරය නසා දැමූ පසු ඔබ නිරයේ හෙළීමට බලය ඇති තැනැන්වහන්සේට බය වන්න. ඔව්, උන්වහන්සේට බය වන්න.


යෙරුසලම්හි බැටළු දොරටුව ළඟ හෙබ්‍රෙව් බසින්, “බෙතෙස්දා” නමින් පොකුණක් ද ඒ පොකුණ වටා ආවරණ සහිත ආරුක්කු පහක් ද වෙයි.


උන්වහන්සේ තම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා නමින් හැඳින්වෙන හිස්කබල නම් ස්ථානය වෙත ගිය සේක.


යේසුස්වහන්සේ කුරුසිපත් කරන ලද ස්ථානය නගරාසන්නයේ වූ බැවින් හා එය හෙබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් යන තෙබසින්ම ලියා තිබූ බැවින් එම නාම පුවරුව යුදෙව්වන් බොහෝ දෙනෙක් කියවූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්