Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 18:35 - සිංහල කාලීන පරිවර්තනය

35 පිලාත් පිළිතුරු දෙමින්, “කිම ද? මා යුදෙව්වෙක් ද? මට ඔබ බාර දුන්නේ ඔබේම ජාතිය හා නායක පූජකයොයි. මොනවද ඔබ කළේ?” යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 පිලාත් පිළිතුරු දෙමින්, “මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කෙළෙහි ද?”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 පිලාත් පිළිතුරු දෙමින්, “මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කෙළෙහි ද?”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 පිලාත් උත්තරදෙමින්: මම යුදෙව්වෙක්ද? නුඹේම ජාතියද නායක පූජකයෝද නුඹ මට භාරදුන්නෝය. නුඹ කළේ මොකදැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 18:35
14 හුවමාරු යොමු  

යුදෙව් දහම් නීති ගැන ඔවුන් යම් යම් චෝදනා නැගුවා විනා, මරණයට පත් කිරීමට හෝ සිරගත කිරීමට හෝ හේතු වන කිසි වරදක් ඔහුට විරුද්ධව නැති වග මට පෙනී ගියා.


කලකට පෙර කැරැල්ලක් සංවිධාන කර මිනීමරුවන් හාරදහසක් ගෙන වන වැදුණු ඊජිප්තුවා ඔබ නො වේ දැ?” යි ඇසී ය.


ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණවූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරි පිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.


නායක පූජකයෝ හා ඔවුන්ගේ භටයෝ උන්වහන්සේ දුටු ඇසිල්ලේ, “ඔහු කුරුසියේ ඇණ ගසනු! කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ. පිලාත් ඔවුන් අමතා, “නුඹලාම ඔහු ගෙන ගොස්, ඇණ ගසාපල්ලා. මොකද, ඔහු තුළ කිසි වරදක් මට හමු වුණේ නැතැ” යි කීවේ ය.


ඔවුහු කායාපස්ගේ ගෘහය වෙතින් ආණ්ඩුකාර මැදුර වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. ඒ හිමිදිරි උදයයි. පාස්කුව වැළඳීමට හැකි වන පිණිස අපවිත්‍ර නො වන්නට ඔවුහු ආණ්ඩුකාර මැදුරට ඇතුළු නො වූහ.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එය පවසන්නේ ඔබේම අදහසක් හැටියට ද? නැතිනම් අන් අය මා ගැන ඔබට කී දෙයක් දැ?” යි ඇසූ සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ රාජ්‍යය මෙලොවෙන් නො වෙයි. මගේ රාජ්‍යය මෙලොවෙන් වූවා නම්, මා අත්අඩංගුවට ගන්නට යුදෙව්වන්ට ඉඩ නො දී මගේ සේවකයින් සටන් වදින්නට තිබුණි. එනමුත් දැන් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නො වේ යැ” යි කී සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්