Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 16:25 - සිංහල කාලීන පරිවර්තනය

25 “උපමා උපහැරණ මඟින් මේ දෑ මා ඔබට කීවත්, තවත් ඒ විදියට කතා නො කර, පැහැදිලිව පියාණන්වහන්සේ ගැන කතා කරන කාලය පැමිණේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 “මේ දේවල් උපමා මඟින් මම ඔබට කීවෙමි. එහෙත් තවත් උපමා මඟින් කතා නොකර, පියාණන් වහන්සේ ගැන පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 “මේ දේවල් උපමා මඟින් මම ඔබට කීවෙමි. එහෙත් තවත් උපමා මඟින් කතා නොකර, පියාණන් වහන්සේ ගැන පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 මේ දේ උපමාවලින් නුඹලාට කථාකෙළෙමි. නුමුත් උපමාවලින් තවත් නුඹලාට කථා නොකොට පැහැදිලිලෙස පියාණන්වහන්සේ ගැන නුඹලාට දන්වන්නාවූ කාලය පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 16:25
19 හුවමාරු යොමු  

“ඔබට කියන්නට තවත් බොහෝ දේ මට තියේ. එහෙත් දැන් ඒවා දරන්නට ඔබට නුපුළුවන.


යේසුස්වහන්සේ ව්‍යාංගාර්ථයෙන් එසේ පැවසූ නමුත්, උන්වහන්සේ ඔවුන්ට පවසන්නේ කුමක්දැයි ඔවුන්ට වැටහුණේ නැත.


යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට මේ උපමාව තේරෙන්නේ නැද්ද? එසේ නම් අනෙක් උපමා ඔබ තේරුම් ගන්නේ කොහොම ද?


තවද ලජ්ජා සහගත රහස් මාර්ග අත්හළ අපි, වංචනිකව ක්‍රියා කිරීම හෝ දෙවියන්වහන්සේගේ වචනය විකෘති කිරීම ප්‍රතික්ෂේප කරන්නෙමු. අනෙක් අතට අපි, සත්‍යතාව ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමෙන් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හැම මිනිසකුගේම හෘදය සාක්ෂියට අප ගැන පැහැදීමක් දෙන්නෙමු.


ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත.


උපමාවකින් තොරව උන්වහන්සේ ඔවුනට කිසිවක්ම පැවසුවේ නැත. එහෙත් ස්වකීය ගෝලයින්ට උන්වහන්සේ පෞද්ගලිකව හැම දෙයක්ම තේරුම් කළ සේක.


උන්වහන්සේ පැහැදිලිව එසේ කී කළ, පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට විය.


එවිට යුදෙව්වෝ උන්වහන්සේ වටකරගෙන, “ඔබ තව කොතෙක් කලක් අප දෙගිඩියාවෙන් තියනවා ද? ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම් පැහැදිලිව අපට කියන්නැ” යි කීහ.


ඔන්න, ඔබ හැම කෙනකු තම තමන්ගේ නිවෙස්වලට විසුරුවා හරිනු ලබන, ඔබ හැම මා තනිකර දමන පැය පැමිණේ; ඇත්තෙන්ම එය දැනටමත් පැමිණිලා. එහෙත් මා තනිව නො වේ; පියාණන්වහන්සේ මා සමඟයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්