Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 16:1 - සිංහල කාලීන පරිවර්තනය

1 “මේ සියල්ල මා ඔබට කීවේ, ඔබ අධෛර්යය නො වන පිණිසයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 නුඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 16:1
11 හුවමාරු යොමු  

තවද එය, “පැකිළවීමේ ගලකි, බාධාවේ පර්වතයකි.” ඔවුහු වචනයට අකීකරුව පැකිළෙති. ඒ, ඔවුනට නියමව ඇති පරිදි ය.


එහෙත් ඔහු තුළ මුල් නැති බැවින්, එය පවතින්නේ සුළු කලකි. වචනය නිසා පීඩා හෝ විපත්ති පැමිණි විගස, ඔහු වැටී යයි.


මා මේවා ඔබට කීවේ, ඒවායේ කාලය පැමිණි කල, මා ඒ දෑ කී වග ඔබට සිහිවීම පිණිසයි. මුලින් මේ දෑ ඔබට නො කීවේ මා ඔබ සමඟ සිටි නිසයි.


එකල බොහෝ දෙනකු ඇදහිල්ලෙන් වැටී, එකිනෙකා පාවා දෙනු ඇත; එකිනෙකාට වෛර කරනු ඇත.


මස් කෑමෙන්, මිදි යුෂ බීමෙන් හෝ අන් යමක් කිරීමෙන් හෝ ඔබගේ සහෝදරයා පැකිළවීමට හේතු වේ නම්, ඉන් වැළකී සිටීම හොඳ ය.


මෙසේ ඔවුහු උන්වහන්සේට එරෙහි වූහ. එහෙත් යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේම ගමෙන්, ඔහුගේම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක.


මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක.


මේ දේවල් මා ඔබට කීවේ, මගේ ප්‍රීතිය ඔබ තුළ වන පිණිස හා ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.


ඒ, වඩා උතුම් දේ කවරේදැයි වටහා ගැනීමට ඔබට හැකි වන පිණිස ය. එවිට ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා පවිත්‍රව, නො කැළැල්ව සිටිමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්