Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 10:39 - සිංහල කාලීන පරිවර්තනය

39 ඔවුහු නැවතත් උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූහ. එහෙත් උන්වහන්සේ ඔවුන් අතින් බේරී පලා ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 ඔව්හු නැවතත් උන්වහන්සේ අල්ලන්ට හැදුවෝය; නුමුත් උන්වහන්සේ ඔවුන් අතින් ගැළවී ගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 10:39
6 හුවමාරු යොමු  

එවිට ඔවුහු උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූ නමුදු, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවම පැමිණ තිබුණේ නැත.


එවිට ඔවුහු උන්වහන්සේට දමා ගසන පිණිස, ගල් අවුලා ගත්හ. එහෙත් යේසුස්වහන්සේ මුවා වී, දේව මාලිගාවෙන් පිටව ගිය සේක.


උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට ඇතැම් දෙනකුට ඕනෑ වුව ද, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත.


යුදෙව්වෝ උන්වහන්සේට ගල් ගසන පිණිස, යළි ගල් අහුලා ගත්තෝ ය.


එහෙත් පරිසිවරු එතැනින් නික්ම ගියාහු, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්