Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 1:48 - සිංහල කාලීන පරිවර්තනය

48 “ඔබතුමා මා ගැන දන්නේ කොහොම දැ?” යි නතානියෙල් ඇසී ය. “පිලිප් ඔබට කතා කරන්නට කලින් ඔබ අත්තික්කා ගහ යට සිටිනු මා දුටුවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 “ඔබ මා ගැන කෙසේ දන්නෙහි දැ”යි නතානියෙල් උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප් ඔබ කැඳවන්නටත් පෙර, අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දිටිමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 “ඔබ මා ගැන කෙසේ දන්නෙහි දැ”යි නතානියෙල් උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප් ඔබ කැඳවන්නටත් පෙර, අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දිටිමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

48 ඔබ මා අඳුනන්නේ කොහොමදැයි නතානියෙල් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: පිලිප් නුඹ කැඳවන්ට පළමුවෙන්, අත්තික්කා ගස යට නුඹ සිටියදී නුඹ දුටිමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 1:48
14 හුවමාරු යොමු  

මිනිසාගේ ඇතුළාන්තය හොඳින්ම දත් හෙයින්, මිනිසකු ගැන තවත් මිනිසකුගේ සහතිකයක් උන්වහන්සේට අවශ්‍ය වූයේ නැත.


එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගතව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගතව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.


ඔහුගේ හදෙහි රහස් හෙළි වී, දෙවියන්වහන්සේ සැබවින් ම ඔබ අතරේ ය කියමින්, මුහුණ බිම ඔබා දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇත.


එබැවින් කාලයට පෙරාතුව, ස්වාමින්වහන්සේගේ පැමිණීමට පෙරාතුව විනිශ්චය ප්‍රකාශ නො කරන්න. දැන් අන්ධකාරයේ සැඟවුණු දෑ, උන්වහන්සේ එළියට ගෙනැවිත්, හදවතේ අරමුණු එළිදරවු කරන සේක. එවිට තමාට හිමි පැසසුම දෙවියන්වහන්සේගෙන් හැම කෙනකුම ලබනු ඇත.


පිලිප් හා බර්තොලමෙව්; තෝමස් හා බදු අය කරන්නා වූ මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ් හා තද්දෙවුස්;


පිලිප්, පේතෘස් හා අන්දෘ මෙන් බෙත්සයිදා නගර වැසියෙකි.


දෑස් දල්වා බලා විශාල පිරිසක් තමන් වෙත එනු දුටු යේසුස්වහන්සේ පිලිප් අමතා, “මේ ජනකායට කෑමට අප කොහෙන් රොටි මිලට ගන්න දැ?” යි ඇසූ සේක.


පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් කෑමට, ඩිනාරි දෙසියයක රොටි ගෙනාවත් මදි වේවි” යි කීවේ ය.


ඔවුහු ගලීල බෙත්සයිදාහි පිලිප් වෙත ගොස්, “මහත්මයා, යේසුස්වහන්සේ දකින්නට අප කැමති” යි කීහ.


පිලිප් කතා කරමින්, “ස්වාමිනි, අපට පියාණන්වහන්සේ පෙන්වන්න. එයම අපට ඇති” යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්