Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 7:9 - සිංහල කාලීන පරිවර්තනය

9 තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබේ සම්ප්‍රදායයන් ස්ථාපිත කර ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ප්‍රතික්ෂේප කිරීමට අපූරු මාර්ගයක්නේ ඔබට තියෙන්නේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: “ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: “ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 උන්වහන්සේ ඔවුන්ට තවත් කථාකොට: නුඹලාගේ නියෝග පවත්වන පිණිස නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව එපාකරන හැටි කදිමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 7:9
16 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය මම නිෂ්ප්‍රභා නො කරමි. මන්ද ධර්මිෂ්ඨකම දහම් නීතිය මඟින් ලද හැකි වී නම්, ක්‍රිස්තුස්වහන්සේ මැරුණේ නිකරුණේ ය!”


මෙලෙස නුඹලාම පවරනු ලබන නුඹලාගේ සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කරන නුඹලා තවත් මෙවැනි බොහෝ දෑ ද කරති” යි පැවසූ සේක.


පරිසිවරුන් හා සියලු යුදෙව්වන්, වැඩිහිටියන්ගේ සම්ප්‍රදාය අනුව තම අත් සෝදා මිස, අහර ගන්නේ නැත.


දෙවියන් යයි කියනු ලබන හැමට හා නමස්කාර කරනු ලබන හැම දේට එරෙහිව ඔහු තමාම උසස් කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මාලිගයේ අසුන් ගන්නේ තමා දෙවියන් යයි කියා පාමිනි.


එසේ නම්, අපි මෙම ඇදහිල්ල මඟින් දහම් නීතිය අවලංගු කරන්නෙමු ද? කොහෙත්ම නැත! සැබවින් ම අපි එය තහවුරු කරන්නෙමු.


එහෙයින් පරිසිවරු හා දහම් පඬිවරු උන්වහන්සේ අමතමින්, “ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්‍රදායයන් අනුව නො පැවත, අපවිත්‍ර අත්වලින් අහර ගන්නේ ඇයි දැ?” යි ප්‍රශ්න කළහ.


මන්ද යමකු ඔබ වෙත අවුත්, අප ප්‍රකාශ කළ තැනැත්තාණන් හැර, වෙනත් යේසුස් කෙනකු ප්‍රකාශ කළහොත් හෝ ඔබ ලැබූ ආත්මයාණන්ට වෙනස් වූ ආත්මයක් ලැබුවහොත් හෝ ඔබ පිළිගත් ශුභාරංචියට වෙනස් එකක් පිළිගතහොත් හෝ ඔබ කැමැත්තෙන් එය ඉවසීම හොඳ ය!


යූදා දහම් විෂයෙහි මගේ රට වැසියන් අතරේ මගේ වයසේ බොහෝ දෙනකු අභිබවමින් මම මගේ පියවරුන්ගේ චාරිත්‍ර ගැන ඉහ වහා ගිය උද්යෝගයෙන් ඇවිළ සිටියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්