Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 6:6 - සිංහල කාලීන පරිවර්තනය

6 ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය ගැන උන්වහන්සේ මවිත වූ සේක. ඉන්පසු යේසුස්වහන්සේ ගමින් ගම සැරි සරමින් ඉගැන්වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක. උන් වහන්සේ අනුශාසනා කරමින් අවට ගම්වල සැරිසැරූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක. උන් වහන්සේ අනුශාසනා කරමින් අවට ගම්වල සැරිසැරූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඔවුන්ගේ විශ්වාසය නැතිකම ගැන උන්වහන්සේ මවිතවූසේක. උන්වහන්සේ උගන්වමින් අවට ගම්වල ඇවිද්දසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:6
12 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද සියලු ආකාර රෝග හා ආබාධ සුව කරමින් ද සියලු නගර හා ගම් පුරා සැරි සැරූ සේක.


ඒ ඇසූ කල, විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස අමතා, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හි කිසිවකු වෙතින්වත් මා දැක නැති බවයි.


උන්වහන්සේ යෙරුසලම බලා යන අතරේ නගර හා ගම් ඔස්සේ උගන්වමින් ගමන් ගත් සේක.


දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා බලයෙන් නාසරෙත්හි යේසුස්වහන්සේ ආලේප කළ හැටිත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් යහපත කරමින් හා යක්ෂ බලයට යටවූවන් සුව කරමින් උන්වහන්සේ සැරි සැරූ හැටිත් ඔබ දනී.


ඒ මිනිසා පිළිතුරු දෙමින්, “ඇයි, ඒක හරි පුදුමයක්! ඔහු එන්නේ කොහෙන් ද කියා ඔබ දන්නේ නෑ! ඒත් එතුමා මගේ ඇස් විවර කළා.


උන්වහන්සේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද ජනයා අතරේ වූ සියලු රෝග හා ආබාධ සුව කරමින් ද ගලීලය මුළුල්ලේ සැරි සැරූ සේක.


උන්වහන්සේ යුදයේ සිනගෝගවල දේශනා කිරීමෙහි නියැළුණු සේක.


ඉන්පසු උන්වහන්සේ ගලීලයේ නගරයක් වන කපර්ණවුම් වෙත ගොස් සබතේදී ඔවුන්ට ඉගැන්වූ සේක.


මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල දේශනා කරමින් හා යක්ෂාත්මයින් දුරු කරමින් ගලීල දේශය පුරා සැරි සැරූ සේක.


එතැනින් නික්මුණු උන්වහන්සේ යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක. යළි යළිත් ජන සමූහයා උන්වහන්සේ වෙත එක්රොක් වූහ. පුරුදු පරිදි උන්වහන්සේ ඔවුනට ඉගැන්වූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්