Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 6:52 - සිංහල කාලීන පරිවර්තනය

52 මන්ද රොටි සම්බන්ධ හාස්කම ඔවුන් වටහා ගෙන තිබුණේ නැත. ඔවුන්ගේ හදවත් දැඩි වී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

52 ඔවුන්ගේ මනස අඳුරු වී තිබිණි. මක්නිසා ද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

52 ඔවුන්ගේ මනස අඳුරු වී තිබිණි. මක්නිසා ද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

52 මක්නිසාද ඔවුන්ගේ සිත් දැඩිව තිබුණු බැවින් රොටි පිළිබඳ කාරණය ඔව්හු තේරුම් නොගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:52
9 හුවමාරු යොමු  

පසුව එකොළොස් දෙනා කෑමට හාන්සි වී සිටියදී, උන්වහන්සේ ඔවුන්ට පෙනී, ඔවුන්ගේ විශ්වාසය නැතිකම හා සිත් දැඩිකම ගැන ඔවුන්ට තරවටු කළ සේක. මන්ද උන්වහන්සේ නැගිටුණු පසු, උන්වහන්සේ දුටු අය කී දේ ඔවුන් විශ්වාස කළේ නැති බැවිනි.


කෝපයෙන් ඔවුන් හැම සිසාරා බලා, ඔවුන්ගේ සිත් දැඩිකම ගැන සංවේගයට පත් උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු ඒ අත දිගු කළේ ය. එය ප්‍රකෘතිමත් කරනු ලැබ තිබිණි.


එවිට උන්වහන්සේ, “තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසිවකට ඔහු අපවිත්‍ර කළ නො හැකි වග ඔබට පෙනෙන්නේ නැති ද?


එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “අහෝ! බුද්ධි හීන වූත්, දිවැසිවරුන් පැවසූ සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද වූත් තැනැත්තෙනි,


“උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක: සිත් දැඩි කළ සේක. එසේ කළේ, ඔවුන් තමන්ගේ ඇස්වලින් නො දකින පිණිසත්, සිත්වලින් තේරුම් නො ගන්නා පිණිසත්, මගෙන් සුවය ලැබීමට මා වෙත නො හැරෙන පිණිසත් ය.”


එසේ නම් කුමක් ද? ඉශ්‍රායෙල් සොයා ගිය දේ අත්කර ගැනීමට එයට නො හැකි විය. එහෙත් තෝරාගනු ලැබූ අය එය අත්කර ගත්හ. සෙසු අයගේ සිත් දැඩි කරන ලද්දේ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්