Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 6:17 - සිංහල කාලීන පරිවර්තනය

17 මන්ද යොහන් අල්ලා, සිරගෙයි බැඳ දැමීමට මිනිසුන් යැව්වේ හෙරෝද් ය. ඔහු එසේ කළේ, තම සහෝදර පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ය. මන්ද ඔහු ඇය ආවාහ කරගෙන සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 මක්නිසාද හෙරොද් තමා සරණපාවාගත්, තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා මිනිසුන් යවා යොහන් අල්ලා හිරඅඩස්සි කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:17
7 හුවමාරු යොමු  

මේ අතර, ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන සිරගෙදරදී ඇසූ යොහන්, තම ගෝලයින් අත අසා යවමින්,


තිබේරියස් සීසර්ගේ පාලනයේ පහළොස් වන වසරේ, පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාව, හෙරෝද් ගලීලයේ ප්‍රාන්ත රජුව, ඔහුගේ සහෝදර පිලිප් ඉතුරය හා ත්‍රකෝනිතියේ ප්‍රාන්ත රජුව, ලුසානියස් අබිලේනියේ ප්‍රාන්ත රජුව සිටි සමයේ


යොහන් සිරගෙයි දමන ලදැයි සැල වූ කල, යේසුස්වහන්සේ ගලීලයට අහක්ව ගිය සේක.


එහෙත් මේ දෑ ඇසූ හෙරෝද්, “මා හිස ගසා දැමූ යොහන් යළි නැගිටුවනු ලැබ ඇතැ” යි පැවසී ය.


ඒ, යොහන් සිරබාරයට පත් වන්නට කලිනි;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්