Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 5:39 - සිංහල කාලීන පරිවර්තනය

39 එහි ඇතුළු වූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඇයි මේ කලබැගෑනිය? ඇයි මේ විලාපය? මේ දැරිය නිදනවා විනා මිය ගොස් නැතැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ගෙට පිවිස, “ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන් ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 ගෙට පිවිස, “ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන් ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය”යි ඔවුන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 ගෙට ඇතුල්ව: නුඹලා ඝෝෂාකරන්නෙත් හඬන්නෙත් මක්නිසාද? දරුවා මැරිලා නොවේ, නිදන්නීයයි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 5:39
9 හුවමාරු යොමු  

පාවුල් පහළට අවුත්, තරුණයා මත දිගා වී ඔහු වැලඳ, “බිය නො වන්න; ඔහුට පණ ඇතැ” යි කීවේ ය.


අප පිබිද සිටියත්, නිදා සිටියත් ක්‍රිස්තුස්වහන්සේ හා එක්ව අප වෙසෙන පිණිස උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක.


ඔබ බොහෝ දෙනකු දුබලව හා රෝගීව සිටින්නේත්, ඇතමකු මැරී ගියේත් මේ නිසා ය.


ඔවුන් අමතා, “ඉවත් වන්න, දැරිය මැරී නැහැ; ඇය නිදන්නී යැ” යි කී සේක. එවිට ඔවුහු උන්වහන්සේට සිනාසුණහ.


ඔවුන් සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි විට, එහි සිටි පිරිස හඬමින් ද වැලපෙමින් ද මහත් කැලඹීමකින් යුතුව සිටිනු යේසුස්වහන්සේ දුටු සේක.


එහෙත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. ඔවුන් සැවොම පිටතට හැරිය යේසුස්වහන්සේ දැරියගේ මව හා පියා ද උන්වහන්සේ සමඟ සිටි ගෝලයින් ද කැටුව දැරිය සිටි තැනට ගිය සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්