Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 4:38 - සිංහල කාලීන පරිවර්තනය

38 උන්වහන්සේ ඔරුවේ පසු භාගයේ, මෙට්ටයක් මත නිදා සිටි සේක. ගෝලයෝ උන්වහන්සේ අවදි කරවමින්, “ගුරුතුමනි! අප විනාශ වෙන්නටයි යන්නේ; ඒ ගැන තැකීමක් නැති දැ?” යි උන්වහන්සේට කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, “ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගණනක් නැද්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, “ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගාණක් නැද්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය පිට නිදාහුන්සේක. ඔව්හු උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්දැයි උන්වහන්සේට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 4:38
22 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් බැවින්, ඔබගේ හැම තැවුල් උන්වහන්සේ වෙත හෙළා ලන්න.


මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින්ම අප හා සමානව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි.


ගෝලයෝ ළං වී උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, අප ගලවා ගන්න; අප විනාශ වෙන්නටයි යන්නේ” යි කීහ.


එවිට ඔවුහු උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, ස්වාමිනි, අප විනාශ වෙන්නටයි යන්නේ!” යි කෑ ගැසූහ. උන්වහන්සේ නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට ඒවා නැවතිණ; සියල්ල නිසල විය.


මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වාසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින්ම සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබිණි.


යාකොබ්ගේ ළිඳ එහි විය; ගමනින් විඩාවට පත්ව සිටි යේසුස්වහන්සේ ළිඳ අසල හිඳගත් සේක. ඒ හයවන පැය පමණ විය.


ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන බවත් අපි දනිමු.


සැඩ කුණාටුවක් හමා ආවේ ය. ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය.


උන්වහන්සේ නැගිට, සුළඟට තරවටු කොට, “නිහඬ වනු! නිසලවනු!” යි මුහුදු රැළට කී සේක. එවිට සුළඟ නැවතිණ. සියල්ල නිසල විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්