Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 4:24 - සිංහල කාලීන පරිවර්තනය

24 උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අසන දෑ ගැන විමසිලිමත් වන්න. ඔබ මනින මිම්මෙන්ම ඔබට ද මැන දෙනු ලැබේ. ඊට වැඩියෙනුත් ඔබට දෙනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 තවද, උන් වහන්සේ ඔවුන් අමතා, “ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ; වැඩියෙනුත් දෙනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 තවද, උන් වහන්සේ ඔවුන් අමතා, “ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ; වැඩියෙනුත් දෙනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අසන කාරණා ගැන බලාගන්න. නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද, එයින්ම නුඹලාටත් මැනදෙනු ලැබේ. නුඹලාට තව වැඩියෙන් දෙනුලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 4:24
16 හුවමාරු යොමු  

එබැවින්, අප අසා ඇති දෑ වෙතින් අප ඉවත ඇදී නො යන පිණිස, අප ඒ ගැන වඩා තියුණු අවධානයක් යොමු කළ යුතු වෙයි.


එබැවින් ඔබ අසන හැටි ගැන පරෙස්සම් වන්න. මන්ද ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහු, තමාට ඇතැයි ඔහු සිතන දේ පවා ගනු ලැබේ” යි කී සේක.


මන්ද ඔබ විනිශ්චය කරනු ලබන්නේ, ඔබ කරන විනිශ්චයෙන්ම ය. ඔබටත් මැන දෙනු ලබන්නේ, ඔබ මනින මිම්මෙන්ම ය.


බෙරියයෝ තෙසලෝනිකයින්ට වඩා මහත්මා ගති ඇත්තෝ වූහ. පණිවුඩය බලවත් ඕනෑකමින් පිළිගත් ඔවුහු පාවුල් කී දෑ සත්‍යදැයි බලන්නට දිනපතා ශුද්ධ ලියවිලි පිරික්සූහ.


මෙය සිහි තබාගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනී; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනී.


මගේ බැටළුවෝ මගේ කටහඬට සවන් දෙති; මම ඔවුන් හඳුනමි. ඔවුහු මා පස්සේ එති.


සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ කටහඬ මළවුන්ට ඇසෙන පැය උදා වන බවයි; එය දැනටමත් උදාවෙලා. ඊට සවන් දෙන්නෝ ජීවත්වන්නෝ ය.


එවිට වලාකුළක් පැමිණ ඔවුන් වසා ගත්තේ ය: “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය. එතුමාණන්ට සවන් දෙනු” යි වලාකුළින් කටහඬක් නික්ම ආයේ ය.


මේ ගාලට අයිති නැති තවත් බැටළුවන් මට සිටී. මා ඔවුන් ද ගෙන ආ යුතුයි. ඔවුන් ද මගේ කටහඬට සවන් දෙනු ඇත. එවිට එකම බැටළු රැළකි; එකම එඬේරෙකි.


ප්‍රේමණීයයනි, හැම ආත්මයක්ම විශ්වාස නො කරන්න. ඔවුන් දෙවියන්වහන්සේ වෙතින් ද යන වග පරීක්ෂා කර බලන්න. මන්ද බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙක් ලෝකයට ගොස් සිටිති.


සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්