Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 16:11 - සිංහල කාලීන පරිවර්තනය

11 එහෙත්, උන්වහන්සේ ජීවත්ව සිටින බවත්, ඈ උන්වහන්සේ දුටු බවත් ඇසූ ඔවුන් එය විශ්වාස කළේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එහෙත්, උන් වහන්සේ ජීවමාන ව සිටින බව ද ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔව්හු එය විශ්වාස නො කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහෙත්, උන් වහන්සේ ජීවමාන ව සිටින බව ද ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔව්හු එය විශ්වාස නො කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 උන්වහන්සේ ජීවත්ව සිටින බවද ඈ විසින් දක්නාලද බවද ඇසූ විට ඔව්හු අවිශ්වාසකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 16:11
9 හුවමාරු යොමු  

උන්වහන්සේ දුටු කල ඔවුහු උන්වහන්සේට නමස්කාර කළහ. එහෙත් ඇතමෙක් සැක කළහ.


උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කල් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට ගෙනෙන්නැ” යි කී සේක.


එහෙත් ඒ ස්ත්‍රීන් කී දේ ඔවුන් විශ්වාස කළේ නැත. ඒ කියමන් ඔවුන්ට පෙනුණේ හිස් ප්‍රලාප ලෙසිනි.


ප්‍රීතිය නිසා තවමත් විශ්වාස කළ නො හැකිව, ඔවුන් විස්මයෙන් සිටියදී, උන්වහන්සේ ඔවුන් අමතමින්, “කෑමට යමක් මෙහි ඔබ ළඟ තියෙනවා දැ?” යි ඇසූ සේක.


එබැවින් සෙසු ගෝලයෝ, “අපි ස්වාමින්වහන්සේ දැක්කා” යි කීහ. ඔහු තම අදහස් දක්වමින්, “උන්වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, උන්වහන්සේගේ ඇණ සිදුරුවල මගේ ඇඟිල්ල දමා, උන්වහන්සේගේ ඇලයේ මගේ අත දැමුවොත් මිස, මා කිසි සේත් විශ්වාස කරන්නේ නැතැ” යි පැවසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්