Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 15:44 - සිංහල කාලීන පරිවර්තනය

44 උන්වහන්සේ ඒ වන විටත් මිය ගොසිනැයි ඇසූ පිලාත් මවිත වී, සියයේ හේවා භාර නිලධාරියා ගෙන්වා, ඔහු දැනටමත් මිය ගොහින් ද යන වග ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 පිලාත් ද උන් වහන්සේ එතරම් ඉක්මනින් මියගිය බව අසා පුදුම වී, ශතාධිපතියා කැඳවා, “උන් වහන්සේ මේ ඉක්මනින් මළ සේක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 පිලාත් ද උන් වහන්සේ එතරම් ඉක්මනින් මියගිය බව අසා පුදුම වී, ශතාධිපතියා කැඳවා, “උන් වහන්සේ මේ ඉක්මනින් මළ සේක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 පිලාත් උන්වහන්සේ එපමණ ඉක්මනට නැසුණු බවට පුදුමවී, සියයකට මුලාදෑනියා කැඳවා, උන්වහන්සේ මැරී බොහෝවේලා ගියේදැයි ඇසුයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 15:44
4 හුවමාරු යොමු  

ඒ ඇසූ කල, විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස අමතා, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හි කිසිවකු වෙතින්වත් මා දැක නැති බවයි.


උසස් මන්ත්‍රණ සභිකයකු වූ අරමාතියේ යෝසෙප්, එඩිතරව පිලාත් වෙත ගොස් යේසුස්වහන්සේගේ දේහය ඉල්ලා සිටියේ ය. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලා සිටි කෙනකු ද විය.


උන්වහන්සේ මිය ගිය වග සියයේ හේවා භාර නිලධාරියාගෙන් දැනගත් පිලාත්, යෝසෙප්ට දේහය අනුමත කළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්