Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 15:19 - සිංහල කාලීන පරිවර්තනය

19 ඔවුහු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට යළි යළි පහර දෙමින්, උන්වහන්සේට කෙළ ගසමින්, දණින් වැටී නමස්කාර කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔව්හු බට දණ්ඩකින් උන් වහන්සේගේ හිසට ගසා, උන් වහන්සේට කෙළ ගසා, දණ නමා උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔව්හු බට දණ්ඩකින් උන් වහන්සේගේ හිසට ගසා, උන් වහන්සේට කෙළ ගසා, දණ නමා උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඔව්හු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට ගසා, උන්වහන්සේට කෙළගසා, දණ නමා උන්වහන්සේට නමස්කාරකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 15:19
32 හුවමාරු යොමු  

එවිට ඇතමෙක් උන්වහන්සේට කෙළ ගසන්නටත්, උන්වහන්සේගේ ඇස් බැඳ, අත්මිටින් පහර දෙමින්, “දිවැසින් කියනු” යි කීහ. මුර සෙබළු පහර දෙමින් උන්වහන්සේ භාර ගත්හ.


එබැවින් අපත්, කඳවුරෙන් පිටතට ගොස්, උන්වහන්සේ විඳි අවමානය දරාගනිමු.


එසේ කළේ, ස්වර්ගය තුළ ද පොළොව පිට ද පොළොවෙන් යට ද සියල්ලන්, යේසුස් යන නාමයට දණ නැමිය යුතු වන පිණිසත්,


කුමක් ද ඔහුට දෙවියන්වහන්සේගේ පිළිතුර? “බාල්ට දණ නො නැමූ මිනිසුන් හත්දහසක් මම මට ඉතිරි කරගෙන සිටිමි” යනුයි.


හේවායෝ ද අවුත්, මිදි යුෂ විනාකිරි පිළිගන්වමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්,


එවිට හෙරෝද් හා ඔහුගේ හේවායෝ යේසුස්වහන්සේ හෑල්ලු කොට සලකා, උන්වහන්සේට නිග්‍රහ කොට, සමච්චල් කළහ. පසුව ඔහු උන්වහන්සේට දිළිසෙන ලෝගුවක් අඳවා, යළි පිලාත් වෙත පිටත් කර හැරියේ ය.


මේ අතර යේසුස්වහන්සේ අත්අඩංගුවේ රඳවාගෙන සිටි මිනිස්සු උන්වහන්සේට පහර දෙමින්, අවමන් කරන්නට වන්හ.


ඔවුන් උන්වහන්සේට සරදම් කොට, කෙළ ගසා, කස පහර දී, මරා දමනු ඇත. තුන් දවසකට පසු උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා පළමුවෙන් පැමිණ සියල්ල යළි පිහිටුවයි. එසේ නම්, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වේදනා විඳිය යුතු වගත්, ප්‍රතික්ෂේප කොට සලකනු ලැබිය යුතු වගත් ලියා ඇත්තේ කොහොම ද?


උන්වහන්සේට කෙළ ගැසූ ඔවුහු, බට දණ්ඩ ගෙන, උන්වහන්සේගේ හිසට ඉන් පහර දුන්හ.


“යුදෙව් රජු දිනේවා!” යි ආචාර කරන්නට වූහ.


මෙසේ උන්වහන්සේට සරදම් කළ පසු, දම් පැහැති ලෝගුව ගලවා, උන්වහන්සේගේ ඇඳුම් හැඳවූ ඔවුහු, ඉන්පසු කුරුසිපත් කරන පිණිස, උන්වහන්සේ පිටතට ගෙන ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්